සමාජ ජාලා උණුසුම් වෙයි..බංගලි පිතිකරුවා බිරිදව නිවසින් පන්නා දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

සමාජ ජාලා උණුසුම් වෙයි..බංගලි පිතිකරුවා බිරිදව නිවසින් පන්නා දමයි..

දැවැද්ද නොලැබීම නිසා සිය සැමියා විසින් තමන්ට වදහිංසා පැමිනවූ බව සදහන් කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවෙක් වන මොසාඩ්ඩෙක් හුසෙයින්ගේ  බිරිද වන ෂාමින් සමිරා උෂා විසින් එම ක්‍රීඩකයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

මෙම මැද පෙළ පිතිකරුවා ලබන සැප්තැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලානය සදහා වන බංග්ලාදේශ මූලික සංචිතයට ඇතුලත්ව සිටියි. අවුරුදු 22ක් වයසැති මෙම ක්‍රිකට් ක්‍රීඩකයා සිය ඥාති සහෝදරියක් වන ෂාමින් සමිරා උෂා සමග විවාහ වී ඇත්තේ මිට වසර 06 කට ඉහතදීය. එහිදී අමෙරිකානු ඩොලර් 12,003 ක්  දැවැද්ද වශයෙන් ලබාදීමට තින්දු කර ඇති අතර එය මෙතෙක් නොලැබීම නිසා ඔහු විසින් සිය බිරිදව නිවසින් පන්නා දමා දික්කසාදය ඉල්ලා ලිපිද යොමු කර ඇති බව අධිකරණයේදී කරුණු හෙළිවී තිබෙනවා.

පැමිණිලිකාරිය වෙනුවෙන් අධිකරණයේදී කරුණු දක්වමින් ඇයගේ නීතිඥවරයා සදහන් කර ඇත්තේ මෙම ක්‍රිකට් ක්‍රීඩකයා විසින් දිගු කාලයක් සිය බිරිදට දැවැද්ද ලබා දෙන්නයි ඉල්ලා වදහිංසා වලට ලක් කර ඇති බවයි. මේ අනුව මෙම වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයාට එරෙහිව නඩුව විභාග කිරීමට බංග්ලාදේශ අධිකරණය තීරණය කර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad