විවාහ නොවී සිටි යාපනයේ අඹුසැමියන් රජයේ වියදමින් විවාහ කරවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 28, 2018

විවාහ නොවී සිටි යාපනයේ අඹුසැමියන් රජයේ වියදමින් විවාහ කරවලා


නීතියෙන් විවාහ නොවී එකට පවුල් කෑ යාපනයේ ජෝඩු 11ක් දින තුනකදී රජයේ වියදමින් විවාහ කරදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන ලදී.  මොවුන් විවාහ කර දී ඇත්තේ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කර ඇති නි මෙහෙවර ජනපති ජනතා සේවය ප්‍රාදේශීය වැඩසටහන් තුනක් අතරතුරදීය.

ඒ අනුව සිකුරාදා (24දා) පැවැති සන්දිලිප්පායි ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් නීත්‍යානුකූලව විවාහ කළ අතර සෙනසුරාදා (25) උඩුවිල් ප්‍රාදේශීය නිල මෙහෙවර වැඩසටහන අතරතුර අවිවාහක ජෝඩු තුනක් ද ඉරිදා (26දා) කරවෙට්ටි ප්‍රාදේශීය නිල මෙහෙවර අතරතුර ජෝඩු පහක් ද මෙලෙස විවාහ  කරවන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad