රජයෙන් ග්‍රාම නිලධාරී සේවාව විධිමත් කෙරේ - අලුතින් ව්‍යවස්ථාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 16, 2018

රජයෙන් ග්‍රාම නිලධාරී සේවාව විධිමත් කෙරේ - අලුතින් ව්‍යවස්ථාවක්


සේවා ව්‍යවස්ථාවක් නොමැතිව ගැටලු රැසකට මුහුණ දී සිටින ග්‍රාම නිලධාරීන් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් සකස්කර තිබෙන බවත් එය ඉතා නුදුරු දිනක ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
 සේවා ව්‍යවස්ථාවක් නොමැති වීම හේතුවෙන් වැටුප්
විෂමතා ගැටලු පවා

මතුවී තිබූ බවත් ග්‍රාම නිලධාරීන් ශ්‍රේණිගත කිරීමේදී හා උසස්වීම් ලබාදීමේ දී ඇතිවන ගැටලු ද සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් නිරාකරණය වන බව ද ග්‍රාම නිලධාරී සේවය වඩාත් කාර්යක්ෂම වන බව ද අමාත්‍යවරයා පැවසීය.
''ග්‍රාම නිලධාරී සේවාව මේ රටේ පැරණිතම රාජ්‍ය සේවාව. රජකාලේ සිට විවිධ නම්වලින් මේ සේවාව හඳුන්වා දුන්නා. ගම්මුලාදෑනී ලෙස හඳුන්වමින් තිබිය දී 1961 දී ග්‍රාම සේවක කියා නම වෙනස් කළා. 1989 දී ග්‍රාම නිලධාරී සේවාව බවට පත්වුණා. නමුත් එදා සිට අද දක්වාම ග්‍රාම නිලධාරී සේවාවට නිශ්චිත සේවා ව්‍යවස්ථාවක් නැහැ. කලින් සමාන්තර සේවා ව්‍යවස්ථාව ග්‍රාම නිලධාරීන් සඳහා ද අදාල වුවත් 2002 දී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවා ව්‍යවස්ථාව සමග සමාන්තර ශ්‍රේණි ව්‍යවස්ථාව අහෝසිවුණා. ඉතා වැදගත් බහුවිධ රාජකාරී සහිත ග්‍රාම නිලධාරී සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් නොමැති වීමේ ගැටලුව 1961 සිට පැවතුණා. අපි මේ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන්න අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කරලා තිබෙනවා. ග්‍රාම නිලධාරීවරුන්ගේ වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කරලා ඔවුන්ගෙන් සේවා ව්‍යවස්ථාවක් සඳහා යෝජනා එකතු කරලා විශේෂ කමිටුවක් මගින් සේවා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා තිබෙනවා. ළඟදීම මේ කෙටුම්පත් කරපු සේවා ව්‍යවස්ථාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරනවා. ''

No comments:

Post a Comment

Post Bottom Ad