එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගමන්ගත් වාහනය අනතුරක.. කහ ඉර උඩදීම හැප්පෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 16, 2018

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගමන්ගත් වාහනය අනතුරක.. කහ ඉර උඩදීම හැප්පෙයි..

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ගමන් ගත් ජීප් රථය අද පෙරවරුවේ අනතුරකට ලක්ව තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ කුරුණෑගල මීගමුව මාර්ගයේ පුස්කොලදෙණිය ප්‍රදේශයේදීය. මන්ත‍්‍රීවරයාගේ ජීප් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී තිබෙන්නේ කහ ඉරක් මතදීය.

මන්ත්‍රීවරයා අනතුර සිදුවෙද්දී වාහනයේ සිට ඇති අතර අනතුර නිසා කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad