ඉමදූවේ කෝටිපති නිවසක කොල්ලකරුවන් සහ නිවැසියන් අතර දරුණු සටනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 11, 2018

ඉමදූවේ කෝටිපති නිවසක කොල්ලකරුවන් සහ නිවැසියන් අතර දරුණු සටනක්


පසුගිය දා ඉමදුව දික්‌කුඹුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට කඩා වැදුණු කොල්ලකරුවන් පිරිසක් හා නිවැසියන් අතර චිත්‍රපට ජවනිකාවක  ආකාරයේ ගැටුමක් සිදුවී ඇති බවට වාර්තා පළවේ.
සිද්ධිය නිසා නිවැසියන් තිදෙනකු හා කොල්ලකරුවන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළු කර ඇති බවද වාර්තාවේ.
සිද්ධිය වූ දිනයේ දහවල් දෙකට පමණ  මුහුණු ආවරණය කරගෙන
තියුණු ආයුධ ද සමගින් කොල්ලකරුවන් හතරදෙනකු පැමිණ ඇති අතර අතර ඉන් කොල්ලකරුවන් දෙදෙනකු නිවස තුළට මුලින් ඇතුළු වී තිබේ.

කොල්ලකරුවන්ගේ පැමිණීමත් සමගින් ව්‍යාපාරිකයාගේ බිරිඳ නිවසින් එළියට පැන උදව් ඉල්ලා ඇති අතර නිවසේ සිටි ව්‍යාපාරිකයා, දුව සහ බැනා කොල්ලකරුවන් සමග පැය භාගයක පමණ කාලයක්‌ සටන් කර තිබෙනවා.
එහිදී නිවැසියන් තිදෙනාටම තුවාල සිදුවී ඇත.
මේ අතරතුර නිවසින් එළියට පැමිණි ව්‍යාපාරිකයාගේ බිරිඳ ගේ කෑගැසීමට ප්‍රදේශවාසීන් එම ස්‌ථානයට පැමිණීමත් සමගින් නිවස තුළ සිටි එක්‌ කොල්ලකරුවකු නිවසින් පිට සිටි කොල්ලකරුවන් දෙදෙනා ද සමග පැනගොස්‌ තිබෙයි.
නිවැසියන් හා කොල්ලකරුවන් අතර සිදුවූ ගැටුමේදී බරපතළ තුවාල ලැබූ එක්‌ කොල්ලකරුවකු ඉමදූව පොලිසිය එහි පැමිණෙන අවස්‌ථාව වන විටත් නිවස තුළ වැටී සිට ඇත.
බරපතළ තුවාල ලැබූ ව්‍යාපාරිකයා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුට විශේෂ සැත්කමක්‌ කළ යුතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි
මංකොල්ලකරුවන් පිරිස මාතර ගන්දර ප්‍රදේශයේ පිරිසක්‌ බවට දැනට හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 28 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.
ඔවුන් බන්ධනාගාර ආරක්‌ෂාව යටතේ මේ වන විට ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

No comments:

Post a Comment

Post Bottom Ad