ජනතාව දුක් විඳිද්දී අගමැති මන්දිර එපා කියන ඉම්රාන් කාන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, August 22, 2018

ජනතාව දුක් විඳිද්දී අගමැති මන්දිර එපා කියන ඉම්රාන් කාන්


පාකිස්තාන අගමැති මන්දිරය ප්‍රතික්ෂේප කරමින්, නව අගමැති ඉම්රාන් ඛාන් එරට හමුදා ලේකම්වරයාගේ කාමර තුනක් සහිත නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගෙන ඇත. මෙම
අනවශ්‍ය වියදම් කපා හැරිමේ අරමුණින්, තමන් පාකිස්තාන අගමැති නිල නිවසේ පදිංචිය සඳහා පැමිණෙන්නේ නැති බවත්
ඉරාන් පොරොන්දුවක් දුන්නේ පසුගිය ජූලි 25 වැනිදා මැතිවරණයෙන් ඡයග්‍රහණය කළ අවස්ථාවේදීය.
මාලිගාවක් බදු සුඛෝපබෝගි අගමැති මන්දිරය විශ්ව විද්‍යාලයක් හෝ සංචාරක නිකේතනයක් බවට පත් කිරීමේ අදහසක් ඇතැයි ඉරාන් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ඉස්ලාමාබාද් අගනුවර පිහිටි පාකිස්තාන

අගමැති මන්දිරයේ සේවක සේවිකාවින් ගණන 524 කි. ඊට සම්බන්ධ මෝටර් රථ ගණන 80 කි. ඉම්රාන් අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ පසුගිය 18 වැනිදාය. එම අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් බනිගාලා ප්‍රදේශයේ පිහිටි තාමාට අයත් නිවස අගමැති නිල නිවස ලෙස තෝරා ගන්නා බවය.
කෙසේ නමුත් පාකිස්තාන ආරක්ෂක අංශ ඉම්රාන්ගේ එම අදහසට විරෝධය දැක්වීය. ඔවුන් පෙන්වා දුන්නේ එම නිවසේ සිටිද්දී. ඉම්රාන්ට ආරක්ෂාව දීම ගැටලුවක් වනු ඇති බවය. ඒ අනුව, ඉම්රාන් හමුදා ලේකම්වරයාගේ නිවස අගමැනි නිල නිවස ලෙස තෝරා ගත් බව වාර්තා වේ. එම නිවසේ කටයුතු සඳහා සේවකයන් දෙදෙනකු පමණක් යොදා ගන්නා බව ඉම්රාන් පවසා ඇත. ‘පාකිස්තාන අගමැති, ඒ කියන්නේ මට වෙඩි නොවදින මෝටර් රථ 33 ක් තියෙනවා. හෙලිකොප්ටර් තියෙනවා. ගුවන් යානා තියෙනවා. අපේ ආණ්ඩුකාරවරුන්ටන් සුඛෝපබෝගි මන්දිර තිබෙනවා. ජනතාව වෙනුවෙන් වියදම් කරන්න අපට මුදල් නැහැ. එසේ තිබියදී අප යටත් විජිත සමයේ පාලකයන් වගේ අපට සැපට ඉන්න බැහැ. අපි ජනතා සේවකයෝ. ජනතාව අමාරුවේ දාලා අප සුඛෝපබෝගී ජීවිත ගත කිරීම ලොකු වරදක් යැයි මාධ්‍ය හමුවේ තමා ගත් තීරණය පැහැදිලි කරමින් ඉම්රාන් අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad