නිලධාරීන්ට කැබිනට් මණ්ඩලයටත් උඩින් වැඩ කරන්න බෑ..- ඇමති රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 17, 2018

නිලධාරීන්ට කැබිනට් මණ්ඩලයටත් උඩින් වැඩ කරන්න බෑ..- ඇමති රාජිත


කැබිනට් තීන්දු වලට පරිභාහිරව තමන්ගේ හිතූමනාපයට ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයාට කිසිදු හැකියාවක් නැති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
2015 වසරේදී සියළුම භෝග සඳහා පනවා තිබූ මෙම තහනම 2017 වසරේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය වරයා විසින් තේ සහ රබර් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ඇතිව ඉවත් කරන ලදී.
නමුත් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් වරයා විසින් පසුගිය දා නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් මගින් සියළුම භෝග සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත්කර ඇති බවට මාධ්‍ය විසින් වාර්ථා කර ඇත.
කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ තේ සහ රබර් සඳහා පමණක් ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමට මිස අනෙක් භෝග සඳහා වන තහනම ඉවත් කරන්නට නොවන බව අමාත්‍යවරයා පවසා සිටින අතර කිසිම නිලධාරියෙකුට කැබිනට් තීරණ වලට පිටින් කටයුතු කල නොහැකි බවට අමාත්‍යවරයා අවධාරණය කර සිටී.
24,659 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad