ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කරන කතාව කෙප්පයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 19, 2018

ගාලු ක්‍රිකට් පිටිය ඉවත් කරන කතාව කෙප්පයක්

ශ්‍රී ලංකාව සතු ලෝක උරුමයන් සංරක්ෂණය පිණිස යුනෙස්කෝවේ අනුදැනුම මත පුරාවිද්‍යා දෙපාපාර්තමේන්තුව

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය

ඉවත්කරන්නට යන බවට ඊයේ පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරී මහතා දන්වා සිටී.

සිගිරීය,දඹුල්ල,සිංහරාජය හා ගාලු කොටු පවූර සහ ගාලු කොටු පවුර ආකර්ෂණයට බාධා පමුණුවන දේ ඉවත් කිරීමට බලධාරීන් ගන්නා පියවර අනුගමනය කරමින් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය පරිශ්‍රය තුළ අනවසර ඉදිකිරිම් සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති නමුත් ක්‍රීඩා පිටිය ඉවත් කිරීමක් ලෙස මෙම කාරණය මාධ්‍ය මගින් වැරදියට මතු කර දක්වා තිබේ.

මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාලු උරුමය, යුනෙස්කෝ සංවිධානය, සංස්තෘතික අමාත්‍යාංශය යන ආයතනවල නීලධාරින් හා ශ්‍රී ලංකා බලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කමල් පත්මසිරි සමග පෙරේදා (17) පැවති තීරණාත්මක සාකච්ඡාවකදී තීරණ කිහිපයක් ගෙන ඇති නමුත් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සකච්ඡා වී නැත.
 ක්‍රිකට් ආයතනය මගින් අනවසර ගොඩනැඟිලි ඉවත් කිරීම සිදුවන ඇති නමුත් ඒමගින් තරඟ පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් දන්වා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad