සාමාන්‍ය පෙළ විභාගයට උදව් කරන්න එන මුවාවෙන් සිසුවියගේ නිවසට රිංගා අතවරයක් කළ විදුහල්පති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 18, 2018

සාමාන්‍ය පෙළ විභාගයට උදව් කරන්න එන මුවාවෙන් සිසුවියගේ නිවසට රිංගා අතවරයක් කළ විදුහල්පති

කාලයක් තිස්සේ ලංකාවේ ගෞරවනීය තත්වයට පත්ව තිබෙන වෘත්තීන් මේ වනවිට පහළ මට්ටමට ඇදවැටීමේ ඛේදවාචකයකට මුහුණපා තිබෙන අතර අධ්‍යාපනඥයින් පවා අතවර වරදකරුවන් ලෙස අත්අඩංගුවට පත්වීමේ ආරංචි සුලබව තිබේ.
පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයකු
පොලිස් අත්අඩංගුවට පත්වීමේ සිද්ධියක් ඊයේ(17) පිටිගලින්ද වාර්තා විය. 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකු බව කියන මෙම විදුහල්පතිවරයා යටතේ ඉගෙනුම ලැබූ පාසල් සිසුවියක පළමු වර සාමානළු පෙළ අසමත්වීමෙන් පසු දෙවන වර විභාගයට නිවසේ සිට සූදානම්වෙමින් සිට ඇති අතර විදුහල්පතිවරයා ඇයට උපදෙස් දෙන්නට කියා වරින්වර පාසලට ගෙන්වාගෙන තිබේ.
මේ අතරවාරයේ ඇයගේ පුද්ගලික

විස්තරද අසා දැනගෙන තිබෙන විදුහල්පතිවරයා  පියා හෘද රෝගී තත්වයක් හේතුවෙන් අසනීපව සිටින බව දැනගෙන වරක් ඔහු බලන්නටද ගොස් තිබේ.
ඇය නිවසේ දවල් කාලයේ සිටින්නේ වයෝවෘද්ධ මුත්තා සමග බවත් නිවසේ වෙනත් අය දවල්ට නැති බවත් දැනගෙන තිබේ.
දෙවැනි වතාවට අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය අයදුම් පත්‍ර ආදිය ගැන දන්වමින් අවස්ථා දෙක තුනකදීම විදුහල්පතිවරයා මෙම නිවසට ගොස් සිසුවියට ලිපි ලේඛන භාරදීමට පසුගිය කාලයේ කටයුතු කනර තිබුණි.ඒ සෑම අවස්ථාවකම සිසුවිය නිදහසේ නිවසේ සිටින අයුරු විදුහල්පතිවරයා නිරීක්ෂණය කර තිබේ.  ඇය යෙහෙළියක ලෙස සමීපව ඇසුරු කරන්නට විදුහල්පතිවරයා උත්සාහ ගෙන ඇති අතර සිසුවියගේ ජංගම දුරකථන අංකයට ඇතැම් පණිවිඩ ලබාදෙන්නට ඇමතුම්ද ලබාගෙන ඇත.

මේ අතරවාරයේ සිද්ධිය වූ දිනයේ ඇය  අසුවැනි වියේ පසුවු මුත්තා සමග නිවසේ සිටින බව තහවුරු කරගෙන තිබෙන විදුහල්පතිවරයා ඇය බලන්නට නිවසට ගොස් නිවසේ ආලින්දයේ සිටි මුත්තා සමග සුහදව කථාකර පසුව නිවස තුළට ගොස් සිසුවිය සමග කථාකරන්නට පටන්ගෙන තිබේ. ටික වේලාවක් යනවිට ඔහු නිවස ඇතුළට මුත්තා නොඑන බවද තේරුම්ගෙන තිබෙන අතර හිමින් සීරුවේ සිසුවියගේ අතින් අල්ලාගෙන ඇයව කාමරයක් තුළට කැඳවාගෙන ගොස් තිබේ. කාමරයේදී ඇගේ විරෝධය නොතකා ඔහු ඇයට අතවර කරන්නට පටන්ගෙන තිබේ.

එම අවස්ථාවේ ඇය කෑගසන්නට දැරූ උත්සාහයන්ද ඔහු වළකා තිබෙන අතර විදුහල්පතිවරයා මෙවැනි දෙයක් කරාවි යයි අපේක්ෂා නොකර තිබුණ ඇය ඔහුගේ ග්‍රහණය හමුවේ සිහිසුන්ව ඇත.
ඇයට සිහිය ඇවිත් බලන විට

විදුහල්පතිවරයා දක්නට ලැබී නැති අතර ඉරා දමා උනා දැමූ ඇගේ ඇඳුම් පසෙක දක්නට ලැබුණ බවත් තමාව ඔහු නිරුවත්කර තිබූ බවත් සිසුවිය පසුව පොලිසියට දන්වා තිබේ.
අනතුරුව වෙනත් ඇඳුම් ඇඳගත් සිසුවිය තමාට වූ කරදරය අසළ නිවසක වෙසෙන ඥාතීවරියක වෙත දිවගොස් පවසා තිබෙන අතර වහාම ක්‍රියාත්මකවූ ඇය සිසුවිය සමග පොලිසියට ගොස් මේ ගැන පැමිණිලි කර තිබේ.
පාසල් දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ පොලිසිය සිද්ධියට අදාළ විදුහල්පතිවරයා සොයන්නට කටයුතු ආරම්භ කළත් ඔහු ඒ වනවිටත් පළාගොසින් තිබුණි. කෙසේ වෙතත් සිද්ධියෙන් දින කිහිපයකට පසුව විදුහල්පතිවරයා
නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.

මෙම සිසුවියගේ පියා සුළු රැකියාවක නිරතවන්නෙකු වන අතර මව තේ කම්හලේ රැකියාවක් කරන්නීය.
සිසුවියගේ සහෝදරියන් දෙදෙනෙකු ද ඉහතකී පාසලේම ඉගෙනුම ලබන්නන්ය.
 46 හැවිරිදි වියේ පසුවන සැකකාර විදුහල්පතිවරයා අද(18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad