දුවගෙ අතවරයට විරුද්ධවූ පියා මැරුවයි මව හා දියණිය රටම ඇන්දූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 9, 2018

දුවගෙ අතවරයට විරුද්ධවූ පියා මැරුවයි මව හා දියණිය රටම ඇන්දූ හැටි

‘දියණියට අතවර කරන්න ආ අයට විරුද්ධවූ පියාට මරණයෙන් වන්දි ගෙවන්න සිදුවූ‘ සිදුවීමක් ලෙස අර්ථ දක්වමින් පසුගිය දින දෙක තුන තුළ  ආන්දෝලනාත්මක පුවත් මැවූ අනුරාධපුර ගරාජ හිමි ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන මේ වනවිට සත්‍ය තත්වය හෙළිව ඇත.දරුණු ගණයේ පුද්ගල දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක තමන්ගේ පාර්ශ්වය පමණක් පිරිසිඳු කිරීමට මව හා දියණිය විසින් මුළුමණින්ම ප්‍රබන්ධ කර රටේ අනුකම්පාව දිනාගන්නට මෙහිදී අසත්‍ය කරුණු රැසක් පුචාරය කර තිබෙන බව අනාවරණය වේ.
මීට මාස ගණනාවකට පෙර මගුල් ගෙදරක
නැටුමක් අවස්ථාවක ඇතිවූ ගැටුමේදී දියණියගේ ඇඳුම් ගලවා අතවර කරන්න හැදූ කතාව මින් ඉහත අප විසින් පළ කළ ආකාරයටම මෙම සිද්ධියේ අනුකම්පාව පිණිස මව හා දියණිය විසින් ප්‍රබන්ධ කර මතුකරන ලද්දක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී හෙළි කර තිබේ.
එසේම මියගිය සුජීවට එරෙහිව නඩු 5 ක් පවතින බවත් එක් නඩුවක් වන්නේ සුජීව මරාදමන්නට පෙර ඝාතන සැකකාර පුල්ලෙයාර් චමින්දගේ අත කඩන අටියෙන් සුජීව චමින්දගේ අතට කඩුවෙන් කෙටීම බවත් හෙළිව ඇත. මේ කිසිදු වරදක් ගැන හෙළි නොකරන්නට

මව හා දියණිය සිය ආවේගාත්මක මාධ්‍ය ප්‍රකාශයන්හිදී උත්සාහ කර තිබුණි.

මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඊයෙ මෙසේ පවසා සිටියේය.

මේ සැකකරු හා ඔහුගේ පාර්ශ්වයත් මරණකරු හා ඔහුගේ පාර්ශ්වයත් අතර කලෙක ඉඳන් ආරවුලක් තිබිල තියනවා. මේ මියගිය පුද්ගලයා ගත්තොත් ඔහු සම්බන්ධයෙනුත් නඩු 5 ක් තිබෙනවා. එයින් එකක් කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වා ලිංගික අතවරයකට උත්සාහ දැරීමක් සම්බන්ධයෙන්. අනෙක් නඩු 4 පහරදී තුවාල කිරීම සම්බන්ධ නඩු ඒ නඩු වලින් එකක් වන්නේ මේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන පුල්ලෙයාර් චමින්දව පසුගිය අප්‍රෙල් 11 වනදා කඩුවකින් කපා තුවාල කිරීම ඒ නඩුවෙ සැකකරුවන් විදිහට ඉන්නේ මේ මියගිය පුද්ගලයා ඔහුගේ බිරිඳත් දුව හා පුතාත්.

මේ දෙපාර්ශ්වයටම නඩු තියනවා. අපිට මේ එක පාර්ශ්වයක් විතරක් නිර්දෝෂීයි කියන්න බැහැ.


මේ සිද්ධිය පසුපස දේශපාලනඥයින් ඉන්නවා කියල මියගිය අයගේ බිරිය කියල තියනවා එහෙම ඉන්නවද?

එහෙම කිසීම සම්බන්ධයක් විමර්ශනවලදී අනාවරණය වෙලා නෑ. කිසිම දේශපාලනඥයෙකු මෙතැනදි කවුරුන් පසුපස හෝ නැති බව පැහැදිලිව ප්‍රකාශ කළ හැකියි.

විවාහ උත්සවයකදි දියණියගේ ඇඳුම් ගැලෙව්ව කියල මේ රණ්ඩුව පටන්ගත්තෙ කියල ඔවුන් කියල තියනවා?

විවහා දිනයේ සිද්ධිය ගැන පැමිණිල්ල පොලිස් පොතේ සටහන් වෙලා තියනවා. ඒත් ඇඳුම් ගැලෙවීමේ සිද්ධියක් වුණා කියලා එහි කිසිම තැනක සටහන් වෙලා නෑ. ඒ පැමිණිල්ල කරල තිබුනෙ බිරිඳ ඒකට අදාළව දුවගේ ප්‍රකාශයකුත් අරන් තියනවා. මියගිය පුද්ගලයාගේ ප්‍රකාශයකුත් අරන් තියනවා. ඇඳුම් ගැලවීමේ සිද්ධි කිසිවක් නෑ.ඒත් මියගිය පුද්ගලයා වෙනත් කාන්තාවකට පුරුෂ ලිංගය පෙන්වුවා කියල සිද්ධියක් තමා පැමිණිලි වෙලා තියෙන්නේ ඒකට තමා අර ලිංගික අතවර චෝදනාව ලබාදීල තියෙන්නෙ.

ඥාතීන් චෝදනා කරල තිබ්බා පොලිසියට කිව්වට ඒ අය සඳහන් කරේ නෑ කියල?
එහෙම දෙයක් පිළිගන්න බෑ. දැන් බී වාර්තාවත් ඉදිරිපත් කරල සැකකරුවන් 4 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කරල තියනවා.මේ මොහොතෙද ඒක කියන්නෙ. ඒ බව මාස 9 කට පස්සෙද ඔවුන්ට පේන්නේ. එහෙම කිසිදෙයක් පොලිසියෙන් නොවුණනම් පොලිසියේ ඉහළටත් ඔවුන්ට පැමිණිලි කරන්න තිබුණනේ.

මියගිය පුද්ගලයගෙ පුතාට හා දූලට මරණ තර්ජන තියනව කියල කියල තියනවා?
නෑ  එහෙම පැමිණිල්ලක් මේවනතුරු නෑ. එහෙම දෙයක් තියනවා නම් පැමිණිලි කරන්න පුළුවන්.අපි නීතිය ක්‍රියාත්මක කරනවා.

අසල්වැසියාගේ සාක්ෂිය ඇතුළත් සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව
ප්‍රධාන සැකකරු හසුවෙද්දී අනුරාධපුර ඝාතනය ගැන පැතිරෙන අමුතු කටකතා

No comments:

Post a Comment

Post Bottom Ad