කවුරු මොන කමෙන්ට්ස් දැම්මත් ගාණක් නෑ කියල ජැක්සන්ගෙ දූව කිව්වා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 13, 2018

කවුරු මොන කමෙන්ට්ස් දැම්මත් ගාණක් නෑ කියල ජැක්සන්ගෙ දූව කිව්වා

සුගියදා කතාබහට ලක්වූ චන්දිමාල් ජයසිංහ රාජකීය උපන්දින සාදයේදී සිරුර අඩක් පෙනෙන විලාසිතා ඇන්ද නිළියන් ගැන විවිධ කතා සමාජ මාධ්‍ය තුළ පළවිය. එහිදී ජැක්සන් ඇන්තනිගේ දියණිය මාධවීත් ටෙලි නිළියන් වන ශලනි තාරකා සහ නදීශා හේමමාලිත් ඇඳ තිබුණ ඇඳුම් නිර්මාණය කරන ලද්දේ මෝස්තර නිරූපිකා රැෆෙලා ප්‍රනාන්දුය. ඇය
සතිඅන්ත පුවත්පතකට මෙම විලාසිතා ගැන දක්වා තිබුණ අදහස් පහත පරිදිය.

රෝයල් බර්ත්ඩේ පාර්ටි එකේදි රැෆෙලාගේ ඇඳුම් නිර්මාණ කීයක් තිබුණාද?
මම ශලනි, මාධවී, නදීෂා යන අයගේ ඇඳුම ඩිසයින් කළා. සුලේකාව ස්ටයිල් කළා සචිනිගේ හෙයා
ඇක්සසරීස් ඩිසයින් කළා.


මාධවීගේ ඇඳුම බොහෝ දෙනාගේ හොඳ නරක විවේචනවලට ලක් වුණා. කොහොමද එ් ඩිසයින් එකට
ප‍්‍රවේශය ගන්නේ?
ඔව් මාධවීගේ ඇඳුම මගේ එකක්. මුලින්ම කියන්න ඕන දේ තමයි, ඩිසයිනර් කෙනෙක් කවදාවත් බලෙන් ඇඳුමක්
අන්දවන්නෙ නැහැ. ඇත්තටම එ්ක මාධවීට කරපු එකක් නෙමෙයි. පහුගියදා මම සහභාගි වුණ ලන්ඩන් ෆැෂන්
ෂෝ එකට තියපු ඇඳුමක්. එදා එ් ඇඳුමට ගොඩක් හොඳ කමෙන්ට්ස් ලැබුණා. මාධවී කියන්නේ අපේ රටේ
සිටින සෙලිබ්‍රටීස්ලා අතර සිටින ඉතාම හොඳ සිරුරක් තියෙන කෙනෙක්. එ් නිසා එයාට මේ ඇඳුම
හරියටම ගැළපුණා. එතනදි මම මේ ඇඳුම නිර්මාණය කරන්නෙ ඊජිප්තු දෙවඟනක ඇසුරෙන්.

ශලනිගේ ඇඳුම සම්බන්ධයෙන් ලැබුණ ප‍්‍රතිචාරත් එ් තරම් හොඳ මදි නේද? කොහොමද එ් ඇඳුම නිර්මාණය
වෙන්නේ?
ශලනි ඇඳලා ඉන්නේ ඇත්තටම ජම්ප් සූට් එකක්. එ් ඇඳුමේ අත් දෙක කර වැහිලා තියෙනවා. කකුල් දෙක
පමණක් නිරාවරණය වෙලා නිසා ඇතැම් අයට එ්ක නුසුදුසුයි කියලා දැනෙනවා. ඇත්තටම ශලනි එ්
ප‍්‍රමාණයට දිග ෂෝට් ස්කර්ට් එකක් ඇන්දනම් ඔය කියන අය විරුද්ධ වෙන්නෙ නැහැ. එ්ක තමයි ඇත්ත.
ආර්ටිස් කෙනෙක්ගේ ඇඟ පෙන්නලා ආකර්ෂණය ගන්නවා කියන එක නෙමෙයි ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ අරමුණවෙන්නේ. නමුත් ආර්ටිස් කෙනෙක් කියන්නේ කොහොමටත් අවධානය දිනාගත යුතු කෙනෙක්. එ් ඇටෙන්ෂන් එකලැබෙන්න නම් ඔහුගේ හෝ ඇයගේ ඇඳුම් විලාසිතාවත් වැදගත්.


ශලනිගේ ඇඳුම සම්බන්ධයෙන් ඇය සතුටු වුණාද?
ශලනි ඇත්තටම සතුටු වුණා එ් ඇඳුමට. මට කතා කරලත් කිව්වා එයා ඇඳුමට ගොඩක් කැමතියි කියලා. එ්ක
ඇත්තටම සිම්පල් ඇඳුමක්. අපි ඇඳුම කරද්දි කතාබහ කරලා තමයි එ්කෙ නිමාව සකස් කරන්නෙ. මුලින්ම මම
ඩිසයින් එක කරලා එ්ක හරියටම ගැළපෙයි කියලා මම හිතන කෙනෙක්ට ඉදිරිපත් කරනවා. එ් අනුව තමයි
ශලනිට මේ ඩිසයින් එක යෝජනා වෙන්නෙ. ශලනි එ් ඇඳුමට අකැමැතියි නම් එයා මේකට කැමති නෑ කියන්නසම්පූර්ණ අයිතිය තියෙනවා. ඇත්තටම ශලනි එ් ඇඳුමේ අවුට් ෆිට් එකට කැමති වුණා.

මාධවීගේ ඇඳුම සම්බන්ධයෙන් ලැබුණ ප‍්‍රතිචාර ගැන මොකද හිතන්නෙ?
මාධවී මට දුරකතන ඇමතුමක් අරගෙන කිව්වෙ කවුරු මොනවා කිව්වත් එයා එ් ඇඳුමට ආසයි කියලා. බැලූ
බැල්මට එ් ඇඳුමේ ශරීරය නිරාවරණය වෙනවා වගේ පෙනුනට ඇත්තටම එ්ක සම්පූර්ණ සිරුරම ආවරණය වූ
ඇඳුමක්. ස්කින් කලර් එකෙන් මහපු එකක් තමයි එ් විදියට පෙනෙන්නෙ. මේ ඇඳුම Carry කරන්න පුළුවන්
සිරුරක් මාධවීට තියෙනවා. මම එ් ඇඳුම් නිර්මාණය අරගෙන යන්නේ ලන්ඩන්වල ෆැෂන් ෂෝ එකකට. එහේ
මිනිස්සු ඉතාම ප‍්‍රශංසා කරපු නිර්මාණයක්.

සාකච්ඡාව - වාසනා සුරංගිකා විතානගේ

No comments:

Post a Comment

Post Bottom Ad