නවගමුව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරිය ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 13, 2018

නවගමුව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරිය ඕස්ට්‍රේලියාවේ රූප සුන්දරී තරගයට

ලබන සැප්තැම්බර් මස මැද භාගයේ දී ඕස්ට්‍රේලියාවේ පර්ත් හි The Miss British Empire 2018  රූප සුන්දරී තරගයට
ලංකාව නියෝජනය කැමින් සහභාගි වනු ඇත්තේ වෛද්‍ය නුවන්දිකා සිරිවර්ධනයි.
ඇය නවගමුව,  ප්‍රාද්ශීය රෝහලට අනුයුක්තව සිය සීමාවාසික පුහුණුව ලබමින් සිටින්නියකි.

ඇය අනාගතයේ වෛද්‍ය පරිපාලන ක්ෂෙත්‍රයට සම්බන්ධවීමට අදහස් කරමින් සිටින බව පවසයි.

මියුසික් වීඩියෝ නිළියක හා ගායිකාවක ලෙසද ඇය පෙනී සිටියි.
දැනට බ්‍රයන් කර්කොවන් නමැති විලාසිතා සැලසුම් ශිල්පියා යටතේ පුහුුණුව ලබන ඇය StarNow Modeling නමැති ඒජන්සිය හරහා මෙම තරගයට අයදුම් කළ බවද පවසයි.
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල් 97 කට මෙම තරගයට සහභාගී වීමට වරම ඇති බවත් තමන්ට මෙම අවස්ථාව උදාවීම රටට ගෞරවයක් අත්කරදීමට අවස්ථාවක් බවද ඇය පවසයි.





No comments:

Post a Comment

Post Bottom Ad