රාමලාන් යනු පරිත්‍යාගය මුල්කරගත් උත්සවයක් – ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 15, 2018

රාමලාන් යනු පරිත්‍යාගය මුල්කරගත් උත්සවයක් – ජනපති

රාමලාන් උත්සවය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එම පණිවුඩයේ ඒ මහතා මෙසේ ද සඳහන් කරයි.

‘‘මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා ආරක්ෂාව උදෙසා අන් සියල්ලටම පෙර පාරිශුද්ධත්වයට පත්කරගත යුත්තේ මනස ය. සමාජයකට අහිතකර ඕනෑම ක්‍රියාකාරීත්වයක මූල බීජයන් ප්‍රථමයෙන්ම ජනිත කරවනු ඇත්තේ මිනිස් මනසක් තුළ ය.

පුරා මාසයක උපවාස සමයක් ගතකරමින් ඉස්ලාම් බැතිමතුන් පරිත්‍යාගය, සාමය හා ගෞරවය මුල් කරගත් රාමලාන් හෙවත් ඊදුල් ෆීතර් උත්සවය මගින් ද මුළු මහත් ලෝකයට ජනිත කරවන්නේ එම උතුම් පණිවුඩයයි. එය විශ්ව සාධාරණ වූ පණිවුඩයකි. සමස්ත ලෝකවාසීන්ගේ යහපත රැඳී පවතිනු ඇත්තේ එවැනි පණිවුඩයක සැබෑ හරය එකිනෙකා අවබෝධ කරගන්නා පරිසරයකය.

අද වනවිට බෙහෙවින්ම සංකීර්ණ වී ඇති සමස්ත ලෝක ප්‍රජාව අතරෙහි සාමය හා සංහිඳියාව ප්‍රවර්ධනය කරගනිමින් සහනශීලී ජීවන වටාපිටාවක් නිර්මාණය කරගත හැක්කේ අන්‍යයන් කෙරෙහි සංවේදී වීම මගින් ද තමන් කෙරෙහි අවංක වීම තුළින් ද වන බව රාමලාන් වතාවත් අපට කියා දෙන පණිවුඩය වී තිබේ.

හුදු ආගමික සීමාවන් ඉක්මවාලමින් උතුම් වූ මනුෂ්‍යත්වයට ආමන්ත්‍රණය කරන යහපත් දැක්මකින් යුත් සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට මාගේ සුබපැතුම් පිරිනමමි.‘‘

No comments:

Post a Comment

Post Bottom Ad