සමානාත්මතාවයේ පණිවුඩය ලොවට ගෙනෙන උත්සවයක් – අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 15, 2018

සමානාත්මතාවයේ පණිවුඩය ලොවට ගෙනෙන උත්සවයක් – අගමැති

රාමලාන් වෙනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. අගමැතිවරයා නිකුත් කළ පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

‘‘මුස්ලිම් බැතිමතුන් මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි.

අස්සවුම් හෙවත් රාමසාන් උපවාසය ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති වැදගත් කුළුණු පහෙන් එක් කුළුණකි. පාරිශුද්ධ වූ අල්-කුරානය ලොවට පහළවීම සමරනු ලබන්නේ ද මේ මාසයේදීය.

මෙම කාලයේ උස්- පහත් භේදයකින් තොරව මහත් කැපවීමෙන් උපවාස පිළිවෙත ඉටුකරන සහෝදර මුස්ලිම් ජනතාව නිරාහාරව සිටීමෙන් නොනැවතී අනෙකාගේ අවශ්‍යතාවන්ට සංවේඳීවෙමින්, නැති බැරි අය සමඟ බෙදා හදා ගනිමින් සහජීවනයෙන් දිවි ගෙවීමට මූලික අවධානය යොමු කරති.

තමන් තුළ බලපවත්නා තණ්හාව, ආශාව ආදී දුර්ගුණ දමනය කරමින් මනුෂ්‍යත්වය, පරිත්‍යාඟශීලීත්වය ගොඩනැංවීමට රාමසාන් උපවාස සමයෙන් ලැබෙන පන්නරය අතිමහත්ය. මෙය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත මානව වර්ගයාට අලූත් ජීවන දැක්මක් ලබා දෙන වටිනා ආගමික පිළිවෙතකි.

එම අධ්‍යාත්මික, සමාජයීය වටිනාකම් පද්ධතිය ලෝකයට ආලෝකයක් වේවා යන අපේක්ෂාව පෙරදැරිව, සහෝදර මුස්ලිම් ජනතාවට ප්‍රීතිමත් ඊදුල් ෆීතර් උත්සවයකට හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

No comments:

Post a Comment

Post Bottom Ad