ලොව වයස්ගතම සුමාත්‍රානු ඔරංඔටං 62 දී හිතාමතා මරණයට පත් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 20, 2018

ලොව වයස්ගතම සුමාත්‍රානු ඔරංඔටං 62 දී හිතාමතා මරණයට පත් කරයි


ලෝකයේ වයෝවෘද්ධතම  සුමාත්‍රානු ඔරංඔටං  ඕස්ට්‍රේලියාවේ සත්වෝද්‍යානයකදී හිතාමතා මරණයට පත් කර තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 62කි. ඇගෙන් පැවතෙන්නන්ගේ ගණන  54කි. පර්ත් උද්‍යානයෙහි
“විශිෂ්ට  මහලු ආර්යාව” යන විරුද නාමයෙන් හැඳින්වුණු "පුවාන්" නමැති මෙම වානර ධෙනුව, වෘද්ධතාව නිසාම ජානගතව හටගත් උග්‍ර ආබාධයකින් පෙළෙන්නට වූ හෙයින් ඇය වේදනාව නිසා විද දුකෙන් නිදහස් කිරීම් සඳහා ඇය "සහන  ඝාතනයට"හෙවත් දුකින් මිදවීමේ මරණයට

පත් කිරීමට සත්වෝද්‍යාන අධිකාරීහු තීරණය කළහ.

1968 සිට පර්ත් සත්වෝද්‍යානයේ සිටි පුවාන් ගෝත්‍රයේ වෘද්ධතමයා වශයෙන් 2016දී ගිනස් වාර්තාවටද ඇතුළත් වුවාය.වඳ වී යාමේ තර්ජනයට ලක්වී සිටින ඔරංඔටං වයස අවුරුදු පනහට එළඹෙන්නේ ඉතාම කලාතුරකින් පමණක් යැයි පර්ත්හී සත්ත්ව විද්‍යාඥයෝ  ප්‍රකාශ කළහ. සත්වෝද්‍යනයේ ඇගේ දරුවන් ගණන 11 දෙනෙකි. ඇගේ එම පරපුර පැවැතෙන්නෝ 54 දෙනෙක් ඇමෙරිකාව හා යුරෝපය පුරා විසිරි සිටිති. ලෝක වනජීවී අරමුදලේ බලධරීන් ප්‍රකාශ කරන පරිදී දැනට ලෝකය පුරා වෙසෙන සුමාත්‍රානු ඔරංඔටංාගේ  ගණන 14,600ක් පමණ වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad