ලාබෙට කරවල දෙන්න හැදූ අය මාලෙත් අරන් මාරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 10, 2018

ලාබෙට කරවල දෙන්න හැදූ අය මාලෙත් අරන් මාරු


හැට හැවිරිදි වියෝවෘද්ධ කාන්තාවකට බණ්ඩාරගම නගරයේදි අහමිබෙන් හමුවූ පුද්ගලයකු ලාබෙට කරවල හා උම්බලකඩ අරගෙන දීමට හැකි බව පවසා ඇයගේ පවුම් දෙකක් බරැති රන් මාලයක් හා රුපියල් තුන්දහස් පන්සියයක මුදලක් ඉතා සූක්ෂම අයුරින් රැගෙන ගොස් ඇතැයි ඛණ්ඩාරගම පොලිසිය කියයි. එම කාන්තාව පානදුර නිවිඩාව සහෝදරයකුගේ නිවසට යාම සඳහා සිය බෑණා හා දියණිය සමග මෝටර් රථයෙන්
බණ්ඩාරගම නගරයට පැමිණි අවස්ථාවේදී මෙම අකරතැබ්යට මුහුණ පා ඇතැයි පොලිසිය කියයි ඇය සහෝදරයාගේ නිවසට රැගෙන යාම සඳහා නගරයේ වෙළඳසලකින් කෙසෙල් ඇවරියක් මිලදී ගැනීම සඳහා ගොස් පැමිණෙමින් සිටියදී සිය බෑණා සමග පුද්ගලයකු කතාබස් කරමින් සිටිනු දැක ඇති අතර කෙසෙල් ඇවරිය සිය දියණියට ලබා දි කේක් ගැනීම සඳහා වෙනත් වෙළඳසලක් වෙත ගොස් ඇතැයි පොලිසිය කියයි.
කේක් රෑගෙන දියණිය හා බෑණා සිටින මෝටර් රථය වෙත පැමිණෙමින් සිටියදී බෑණ සමග මෝටර් රථය අසල කතා කරමින් සිටි පුද්ගලයා ඇයට හමුවි නැද්දේ හරිම ලාබෙට

උමිබලකඩ හා කරවල තියෙනවා එන මගෙත් එක අරගෙන දෙන්නම් යැයි පවසා ඇත. මෙම කාන්තාව සමග කුලුපග වූ එම පුද්ගලයා

'අනේ නැන්දේ අපේ අමිමට මාලයක් දෙන්න ඕන නැන්දගේ ඔය මාලේ හරි ලස්සනයි. ඔය විදියට මට පෙන්නලා හදාගන්න නැන්දේ මාලේ මට ටිකක් ගලවලා දෙන්නෙකෝ" යැයි ද පැවැසීමෙන් මෙම කාන්තාව ගෙල බැදි රන් මාලය එම පුද්ගලයාට ලබා දී ඇති බව පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වේ.ඒ සමගම නැන්දේ මට මාලේ ෆොටෝ කොපියක් ගන්න ඕන,

මගේ ළග මාරු සල්ලි නැහැ මට රුපියල් විස්සකුත් දෙන්නකෝ" යැයි එම පුද්ගලයා ඉල්ලා ඇති අතර කාන්තාව මුදල් පසුබිමිය විවෘත කිරිමත් සමග එම පුද්ගලයා එහි තිබූ රුපියල් තුන්දහස් පන්සියයක මුදලත් රැගෙන ඉක්මන් ගමනින් ගොස් ඇති අතර කාන්තාවට ඔහු ගිය දිහාවක් වත් සොයා ගැනීමට නොහැකි විය ඇත. එම කාන්තාවගේ පැමිණිල්ල අනුව එම පුද්ගලයා ලාබෙට කරවිල හා උමිබලකඩ රැගෙන යන්නම් කියා ඇය රැගෙන ගිය මාර්ගය දෙපස ඇති සී.සී.ටී.වී. කැමරා පරික්ෂා කිරිමේදී ද දෙනා කතා බස් කරමින් ගමන් කරනු දක්නට ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.  එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි ද බණ්ඩාරගම පොලිසිය කියයි. බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලකේ.ඩබිලිවි.එල්. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ .

No comments:

Post a Comment

Post Bottom Ad