ත්‍රිකුණාමලේ සම්බාහන මධ්‍යස්ථානයකදී ඇමරිකා නාවික සෙබළියකට ලිංගික අතවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 10, 2018

ත්‍රිකුණාමලේ සම්බාහන මධ්‍යස්ථානයකදී ඇමරිකා නාවික සෙබළියකට ලිංගික අතවර


    ත්‍රිකුණාමලය උප්පුවේලී පොලිස් වසමට අයත් ඇලස්වත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී ඇමරීකා එක්සත් ජනපද නාවික හමුදාවේ සෙබළියකට ලිංගික අතවර කිරීමට තැත් කළ සැකකරුවකු පෙරේදා (08දා) පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නාවික සෙබළිය තවත් සෙබළියක් සමඟ මේ සම්බාහන
මධ්‍යස්ථානයට

පැමිණ සම්බාහන කටයුතු සිදු කරද්දී අතවර කිරීමට තැත්කර ඇතැයි පොලිසිය කළ පැමිණිල්ලේ දැක්වෙයි.

   ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එන්.එස්. මර්සි නමැති රෝහල් නෞකාවේ සේවය කරන මේ නාවික සෙබළිය හා සෙසු සෙබළිය යුවළක් විසින් පවත්වාගෙන යනු ලබන මේ  සම්බාහන මධ්‍යස්ථානයේ කාන්තාව විසින් එක් සෙබළියකට සම්බාහන කටයුතු සිදු කරමින් සිටියදී අනෙක් පුද්ගලයා අතවර සිද්ධියට මුහුණ පෑ සෙබළියට සම්බාහන කටයුතු සිදුකර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අම්පාරේ පදිංචි අයකු වන අතර ඔහු ත්‍රිකුණමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad