බස් දුම්රිය ගාස්තුත් වැඩි කරන්න ලෑස්තී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 11, 2018

බස් දුම්රිය ගාස්තුත් වැඩි කරන්න ලෑස්තී


ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා දුම්රිය හා බස් ගාස්තු ඉහළ දමන්නේ දැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයෙන් කළ විමසීමකට අනුව දන්වා ඇත්තේ ගාස්තු ඉහළ දැමීම කල් ඇතිව
යෝජිත දෙයක් බවය.

ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ සේවා ගාස්තු ඉහළ දැමීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු යොදා ඇති බවත්
පසුගිය මැයි 01දා සිට දුම්රිය ගාස්තු ඉහළ දැමීමට කටයුතු සුදානම් කර තිබුණද ඊට අදාළ ගාස්තු චක්‍ර සකස් කිරීමට නොහැකි වීම නිසා එය සති දෙකකට කල් දැමූ බවද වාර්තා කර තිබේ.
  වසර හතක පමණ කාලයක් තුළ දුම්රිය ගාස්තු ඉහළ දමා නැති බවත්, දැනට ඉහළ දමා ඇති ඉන්ධන ගාස්තු හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට දැනට සිදුවන අලාභය යම් තරමකින් හෝ අවම කර ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව උත්සාහ දරන බවත් වාර්තා විය.
 

No comments:

Post a Comment

Post Bottom Ad