ළමා හිංසනයට වැට බඳින්න ඔබේ යුතුකම ඉටුකරන්න...! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 30, 2018

ළමා හිංසනයට වැට බඳින්න ඔබේ යුතුකම ඉටුකරන්න...!

ළමා හිංසනයට වැට බඳින්න ඔබේ යුතුකම ඉටුකල යුතුම මොහොතයි මේ..! ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ යුතුකමත් ඉටුකරන්න...!
අපේ දරුවන් වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ දරුවන් සුරක්ෂිත කරන්නට පැනවූ නීති රීති කොතෙකුත් තිබුනද ඒ තුලින් ළමා අයිතින් සුරක්ෂිත වූ බවක්නම් පෙනෙන්නට නැහැ. විශේෂයෙන්ම පසුගිය කාල සීමාව පුරාවටම සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් හිංසනයට පත්වූ පුවත් අපට වාර්තා වුනා.
පසුගියදා  බදුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු විසින් පාසල් දරුවෙකුට පිහියක් ලබා දී අත කපා ගන්නා ලෙස බල කරමින් එම දරුවා අමානුෂික ලෙස වදහිංසාවට ලක්කල පුවතක්ද මීට දින කිහිපයකට පෙර රටේම කතාබහට ලක්වුනා. එසේම නල්ලතන්නිය ප්‍රදේශයේදී එකොළොස් හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීම, මීගමුව ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් දැරියක් අපයෝජනයට පත්කිරීම, දරුවන් වහල් සේවයේ යොදා ගත් පුවත් රැසක් ඇතුළු දරුවන්ගේ අයිතීන් කඩවුණු අවස්ථා කිහිපයක්ම ආසන්නතම සිදුවීම් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
කොහොම වුනත් දිගින් දිගටම දරුවන්ට සිදුවන මෙවැන් අසාධාරණයන් පිළිබඳව කතා කිරීමට සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට මෙරට පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් සහ යුතුකමක් වෙනවා.
බොහෝ විට ශාරිරික දඩුවම් සහ ලිංගික අපයෝජන පිළිබද බොහෝ දෙනා කතාබහ කලද දරුවන් කොන්කිරීම, නොසලකා හැරීම වැනි මානසික දඩුවම්ද දරුවන්ට සිදුකරන දරුණු ළමා හිංසනයන් බව ඔබ දැන සිටීම වැදගත්. විශේෂයෙන්ම මෙවැනි හිංසකයන් තුලින් දරුවා කම්පනයට පත්වනවා සේම එය දරුවන්ගේ මුළු ජීවිතයටම සෘජු හා වක්‍ර ආකාරයෙන් බලපාන්න පුළුවන්.
විශේෂයෙන්ම දෙමාපියන් සිතන්නේ තම දරුවන් පිටස්තර පුද්ගලයින් අතින් හිංසනයට පත්වන බවයි. නමුත් දරුවාගේ ඕන එපා කම් නොසලකා හැරීම, ඔවුන් කෙරෙහි අඩු අවධානයක් දැක්වීම ඔවුන්ගේ සිත් දරුණු හා සසල වන අවස්තාවන් වලට පත් කිරීම හා ඔවුන් නොවටිනා මෝඩයෙකු බවට වැටහීමට ඒත්තු ගැන්වීම යනාදී කරුණු තුළින් දරුවා නිවස තුළම හිංසාවට පත්වන බව දෙමාපියන් වටහා ගත යුතු කාරනාවක්.
කොහොම වුනත් දරුවන්ට ආදරය කරන දෙමාපියන් විදියට රටේම දරුවන්ට තමන්ගේම දරුවන්මෙන් ආදරය දැක්වීම ඔවුන්ට හැකි සැමවිටකම රැකවරණය සැලසීම යුතුකමක් වනවා.
ඒ වෙනුවෙන් බුද්ධිමත් වැඩිහිටියන් ලෙස තීරණයක් ගන්නට හොදම මොහොත ඔබට උදාවී තිබෙනවා. සියළු ආකාරයේ ළමා හිංසන වලක්වන්ට කැප වෙමින් දරුවන්ට සුව පහසු ලෝකයක් තනන්ට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියට බාරදීමට නියමිත පහත ඔන්ලයින් පෙත්සමට අත්සන් කර ඔබේ අදහසත් එකතු කරන්න.
ඔන්ලයින් පෙත්සමට ඔබේ අත්සන එකතු කරන්න පහතින් පිවිසෙන්න.


www.bit.ly/stopchildrenviolence

No comments:

Post a Comment

Post Bottom Ad