ජයලත් මනෝරත්න කාන්තාවක් වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 30, 2018

ජයලත් මනෝරත්න කාන්තාවක් වෙලා


"අපේ රටේ සිටින දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ජයලත් මනෝරත්න කාන්තාවක් බවට පත් වෙලා." මේ කියන පුවත තටු ලබා මේ දවස්වල ඉගිලෙන්න පටන් ගෙන තිබෙන්නේ අන්තර්ජාලයේ සැරිසරන ජායාරූප පෙළක් නිසයි. එක එල්ලේම හඳුනාගන්න බැරි වුණත්, ජයලත් මනෝරන කාන්තාවක් ලෙස
සාරියකින් සැරසී සිටින  ඡායාරූප පෙළක් තමයි මේ විදියට අන්තර්ජාලය හරහා හුවමාරු වෙන්නේ. ඇත්තටම මේ ඡායාරූප පිටුපස ඇති කතාව කුමක්ද?

ඔබ කාන්තා ඇඳුමින් සැරසී ගනු ලැබූ ඡායාරූ පෙළක් මේ දවස්වල අන්තර්ජාලය කළඹවනවා ජයලත් මනෝරත්න කියන ප්‍රවීණ කලාකරුවා එකපාරටම ගැහැනියක් වුනේ කොහොමද?

    (සිනාසෙමින්) මේ දවස්වල හැමෝම අහන්නේ ඔය ප්‍රශ්නය තමයි. මේකයි ඇත්තම කතාව. මම අලුතින් චිත්‍රපටයක රඟපානවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුසිරන් ද සිල්වා. චිත්‍රපටයේ නම "මම මිස් ජෙනිස්". මේ කියන චිත්‍රපටය වෙනුවෙන් තමයි ඔය ඡායාරූප ගත්තේ.


මේ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ කාන්තා චරිතයක්ද?

    නැහැ. චිත්‍රපටයක් හැටියට මගේ නම "ලියෝන්" ඔහු රැකියාවක් නැති කමින් පීඩා විදින පුද්ගලයෙක්. බැරිම තැන ඔහු රැකියාවක සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නයි මේ විදියට වෙස් ගන්නේ. ඔහු ධනවත් පවුලක දඩබ්බර ගෑනු ළමයෙකුගේ පාලිකාවක් විදියට යනවා. ඒ සඳහා යන්නේ මිස් ජෙනිස් විදියට. එවැනි කතාවක් තමයි චිත්‍රපටය පුරා ගලා යන්නේ.



 මෙය හාස්‍යෝත්පාදක චිත්‍රපටයක්ද?

    නැහැ. එය තමයි මෙහි ඇති විශේෂත්වය. මෙහි සමාජය ගැන සියුම් විවරණයක් කරන චිත්‍රපටයක්.


නමුත් ඔබේ චරිතයේ ස්වභාවයත් සමගම ඊට හාස්‍ය එකතු වෙනවා  නේද?

    ඒක තමයි මම මුහුණ දීපු ලොකුම අභියෝගය. මේ චිත්‍රපටය නරඹලා මිනිසුන් හිනා වුණොත් නම් මම අසාර්ථකයි. මොකද අධ්‍යක්‍ෂවරයා වුණත් මගෙන් බලාපොරොත්තු වුණේ ඉන් එහා ගිය රගපෑමක්. හරියට කඹයක් උඩ යනවා වගේ සියුම් රගපෑමක්. හැබැයි මේ සඳහා මට සැහෙන්න සුදානමක් වෙන්නත් සිදු වුණා.


 අපිත් ආසයි ඔබ ඒ චරිතයට හැඩ ගැහුණු ආකාරය ගැන දැන ගන්න?

    ඔස්ටින් හෝජමාන් වැනි නළුවන් කාන්තා චරිත රගපෑ විශිෂ්ට ගණයේ චිත්‍රපට 7ක් විතර මා නැරඹුවා. බටහිර සංස්කෘතිය තුළ කාත්තාව හා පුරුෂයාගේ ඇවතුම් පැවතුම් ගමන් බිමින් ඉරියව් වල ලොකු වෙනසක් නෑ. ඒ හින්දා පිරිමියකුට ගෑනු චරිතයක් රඟපාන එක අමාරු නැහැ. ඒත් පෙරදිග සමාජයේ කාන්තාවගේ පැවතුම් තුළ යම් ලාලිත්‍යයක් තියනවා. හාස්‍යය මතු නොවන විදියට ඒ ලාලිත්‍ය මතු කරන්න මට සිදු වුණා. කොටින්ම මගේ බිරිඳ ගෙදර හැසිරෙන ආකාරය පවා මම අධ්‍යයනය කළා.


ඔබ කාන්තාවක් විදියට සැරසිලා ඉන්න විට අපටත් හඳුනාගන්න බැරී වුණා මේ ජයලත් මනෝරත්න කියලා?

    ඇත්තටම ඔව්. මොකද මේක අමුතුම වැඩක්නේ. නලින් ප්‍රේමතිලක (වේශ නිරූපණය) හරුන් (කොණ්ඩා) සැකසුම් ශාන් (ඇඳුම්) තිදෙනාගේ දක්‍ෂතාවය තමයි ඒ.  පාන්දර 4ට වාඩි වුණාම ඒ දවස් ටිකේ මම නැගිට්ටේ 6.30ට විතර. ඒක එතරම් දිර්ඝ කාලයක මේකප් එකක්.



මම මිස් ජෙනිස් චිත්‍රපටයේ රඟපාන අනෙකුත් ශිල්පීන් කවුද?

     දුලීකා මාරපන, ජයලාල් රෝහණ, මාධනී මල්වත්ත, කුමාර තිරිමාඳුර, ගිරිරාජ් කෞෂල්‍ය, උදාරී පෙරේරා ඇතුළු පිරිසක් මෙහි රගපානවා.


“මිස් ජෙනිටත් හඩ සපයන්නේ ඔබමද?

    නැහැ. චරිතය වඩා හොඳින් තාත්විකව මතුවන්න පිරිමි හඬට සමාන ශිල්පිනියකගේ හඩ කැවීම් කරන්නයි හිතාගෙන ඉන්නේ.


කවදාද මිස් ජෙනිස් අපට දැකගන්න ලැබෙන්නේ?

    හපුතලේ රූගත කළා. දැන් කොළඹ රූගත කිරීම් කරනවා. දර්ශන වලින් තුනෙන් එකක් රූගත කරලා අවසන්. හැකි ඉක්මනින් මේ චිත්‍රපටය ජනතාවට දැක බලා ගන්න පුළුවන් වේවි.


ඔබේ කලා දිවියේ අලුත් තොරතුරු මොනවාද?

    මෑත කාලයේ මීට චිත්‍රපට 5ක විතර රගපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මගේ "තලමල පිපිලා" නාට්‍යය ජුලි 24දා යළිත් වේදිකාගත වෙනවා. "වන ලැහැබක" නමින් අලුත් නිර්මාණයකට මේ දිනවල සුදානම් වෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad