බිබිල මැදගම වෙල්යායක තැනින් තැන විශාල පෙණ බුබුළු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 21, 2018

බිබිල මැදගම වෙල්යායක තැනින් තැන විශාල පෙණ බුබුළු


බිබිල මැදගම, මැල්ලගම වෙල්යායක දින දෙකක් අලුයම් කාලයේ විශාල පෙණ බුබුළු මතුවී සවස් වන විට ඒවා දියවී පිටි බවට පත්වූ බව පොලීසිය පවසයි.
වෙල්යායේ තැනින් තැන

සුදු හා අළුපාට විශාල පිපෙණ බුබුළු මතුවී තිබෙන බව දැනගත් ගම්වාසීන් විශාල පිරීසක් එය දැක බලා ගැනීමටද පැමිණි තිබේ.

වෙල්යායේ හිමිකරු වන ආනන්ද ජයවීර මහතා මෙසේ පැවසීය. "මගේ වෙල්යායේ 17 දින හා 19 දින අලුයම් කාලයේ වෙල් යායේ තැනින් තැන විශාල පෙණ බුබුළු මතුවී තිබුණා. මේවා රාත්‍රී කාලයේතමයි හැදෙන්න ඇත්තේ වෙල්යාය පුරා තිබුණ පෙණ බුබුළු දහවල් හිරුළීය වැටෙද්දී දියවී පිටි බවට පත්වුණා. මේවා ගැන පරීක්ෂණ කරන්න භූ විද්‍යා, ජල සම්පාදන, ආපදා කළමණාකරණ ආයතනවල නිලධාරින් පැමිණ සාම්පල් පරීක්ෂණ කරන්න ගෙන ගියා." මොනරාගල භූ විද්‍යා කාර්යාලයේ නිලධාරියෙකු පැවසුවේ, පෙණ බුබුළු පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad