ස්පර්ශයක් නිසා තාත්තට විරුද්ධව පොලිසි ගියැයි පුතා කාන්තාවකට පිහියෙන් ඇනලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 23, 2018

ස්පර්ශයක් නිසා තාත්තට විරුද්ධව පොලිසි ගියැයි පුතා කාන්තාවකට පිහියෙන් ඇනලා

මැදිවියේ පුද්ගලයකු එම ප්‍රදේශයේම 37 හැවිරිදි දෙදරු මවකට අයුතු යෝජනාවක් කර ශරිරය ස්පර්ශ කළ බවට කළ පැමිණිල්ලකට අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ 20 හැවිරිදි පුතා පැමිණිල්ල කළ කාන්තාවට පිහියෙන් ඇන තුවාල සිදුකොට ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.
පිහි පහර කෑ කාන්තාව

බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වහා පරික්ෂණයක් ආරම්භ කළ පොලිසියට අඩංගුවේ සිටින පුද්ගලයාගෙන් සහ වෙනත් සාක්ෂිවලින් සිද්ධියට අදාළ තොරතුරු කීපයක් අනාරණය කරගැනීමට හැකිවූ බවත් මෙම පිහිඇනුම සිඳුකළ පුද්ගලයා ලියා තබා ඇති ලිපියක්ද තමන් අතට ලැබී ඇති බවත් පොලීසිය පටියයි.
මෙම පිහිපහර කෑ කාන්තාවගේ ස්වාමිපුරුෂයා විදෙස්ගතව ඇති අතර පිහි ඇනුම සිදුකළ පුද්ගලයා සහ එම කාන්තාව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.
එම සම්බන්ධතා නැවැත්වීම පිණීය අවාද කිරීමට මෙම තරුණයාගේ පියා එම නිවසට ගිය අවස්ථාවේ එයට උරණ වූ කාන්තාව මෙම පැමිණිල්ල කර ඇති බවට පොලීසිය සැක කරයි. කාන්තාවගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධියෙන් අනතුරුව ලිපියක් ලියා තබමින් පිහිඇනුම සිදුකළ තරුණයා සෙවීමට පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad