මගේම ටියුෂන් පන්තියට එන්නැයි පාසලේදී කියන ගුරුවරුන් 31ක් ගැන පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 23, 2018

මගේම ටියුෂන් පන්තියට එන්නැයි පාසලේදී කියන ගුරුවරුන් 31ක් ගැන පරීක්ෂණ


  තමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන උපකාරක පන්තිවලට පැමිණෙන යැයි බලකරමින් සිසුන්ට හා මවිපියන්ට බලපෑම් කළ ගුරුවරු 31 දෙනෙකු පිළබඳව අධ්‍යාපන අමාත්‍යංශයට තොරතුරු ලැබි තිබේ.



  ඇඹිලිපිටිය, හොරණ, කළුතර,හම්බන්තොට, මාතර, කැකිරාව, රත්නපුර, කිලිනොච්චිය යන කලාපයන්හි පළාත් පාසල්වල සේවය නියුතු ගුරුවරු 25 දෙනෙකු හා ජාතික පාසල සේවයේ නියුතු ගුරුවරු 6 දෙනෙකු මේ අතර වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

  ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මෙන්ම ඊට අදාළව ඉදිරියේදී ලැබෙන පැමිණිලි සම්බන්ධව වහාම පරීක්ෂා කර බලා එම ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad