සස්පෙන්ඩ් කරනවා කියා බියගන්වා විදුහල්පතිගෙන් සිසුවියට ලිංගික අතවර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 2, 2018

සස්පෙන්ඩ් කරනවා කියා බියගන්වා විදුහල්පතිගෙන් සිසුවියට ලිංගික අතවර

පාසලෙන් ඉවත් කරන බව කියමින් විදුහල්පතිවරයා තමනට ලිංගික අතවර කරන බව කියමින් දැරියක් හලාවත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණීල්ලක් කර ඇත. විදුහල්පතිවරයා මේ දැරියට මෙලෙස අතවර කර ඇත්තේ ප්‍රදේශයේ තරුණයෙකුගේ නමක් සදහන් කරමින් ඔහු සමග මිත්‍ර කමක්
පවත්වන බවට මේ දැරියට චෝදනාවක්ද කරමිනි .

ඊයේ (01) පෙරවරුවේ මේ දැරියගේ ඥාතීන් හලාවත කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා හමුවීමෙන් පසු පොලිස්  අධිකාරී වරයාගේ උපදෙස් පරිදි මේ පැමිණිල්ල සිදු කර තිබේ.  හලාවත ආරච්චිකටුව පොලිස් බල ප්‍රදේශයට

අයත් ප්‍රදේශයක පාසලක මේ සිදුවීම වී තිබේ.

 වයස අවුරුදු පහළොවක දැරියක් මේ අතවරයට ලක්ව ඇති අතර අවස්ථා කීපයකදීම විදුහල්පතිවරයා තමන් කැදවා බියගන්වා අතවර කළ බව මේ දැරිය පැවසුවාය.  තමන් ප්‍රදේශයේ කිසිදු තරුණයෙකු  සමග අනවශ්‍ය මිත්‍ර කමක් නොපැවත්වුවත් විදුහල්පතිවරයා ප්‍රදේශයේ තරුණයකුගේ නම් කියමින් ඔවුනට ආදරය නොකරන ලෙසත් තමන්ගෙන් ඒ ආදරය ලබා ගන්නා ලසත් ඉල්ලා සිටීම හේතුවෙන් අධ්‍යපන ගමන පවා නතර කළ බව පැවසූ මේ දැරිය තමනට මෙන් තවත් දැරියන් කීප දෙනෙකුටම විදුහල්පතිචරයා මෙලෙස අතවර කර ඇති බවද පැවසුවාය.

මුලික පරීක්ෂණයකින් අනතුරුව මේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් පියවරක් ගැනීමට ක්‍රියා කරන බව හලාවත කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්ධාමංගල සුභසිංහ මහතා පැවසිය.

No comments:

Post a Comment

Post Bottom Ad