ප්‍රතිසංවිධාන කමිටුව නමට පමණයි : සියළු යෝජනා රනිල්ගේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 1, 2018

ප්‍රතිසංවිධාන කමිටුව නමට පමණයි : සියළු යෝජනා රනිල්ගේ


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් පත්කළ 12 දෙනෙකුගෙන් යුතු කමිටුව පත්කර තිබුණේ නමට පමණක් බවත් ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය තුළ පත්කළ සියළු නිලධාරීන් නම් යෝජනා කර සිටියේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව එජාප කැරළිකාර මන්ත්‍රීවරුන් චෝදනා කර සිටියි.
පක්ෂ නායකත්වය පක්ෂ ව්‍යවස්ථාවට මුවාවී සිදුකළ මෙම ප්‍රතිසංවිධානය තුළ කොහෙත්ම බහුතර පාක්ෂික අපේක්ෂා ඉටුව නොමැති බවත් අවම වශයෙන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකර අදාළ නාම යෝජනා සඳහා ජන්ද විමසීමක් සිදුකළා නම් හිත හදාගන්නවත් තිබූ බවද ඔවුන් සඳහන් කරයි.
එහෙයින් 2019 වසරේ ජනාධිපතිවරණය සඳහාද නායකයකු ආනයනය කිරීමට පක්ෂයට සිදුවීමේ අවධානමක් ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
sajith 670pxනිලධාරීන් පත්කළේ නායකතුමා : ජන්දයක් පැවැත්වූවා නම් හොඳයි - සජිත් ප්‍රේමදාස  
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද සඳහන් කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නම් කරන ලද්දේ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ බවත්, තමාට නියෝජ්‍ය නායක පදවිය පවරා ඇතත් එම පදවිය සඳහා තමා ඡන්දයකින් පත්කර ගනු ලැබුණේ නම් සතුටු වෙන බවත්ය.
නව නිලධාරී මණ්ඩලය රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයාගේ යෝජනාවක් වන අතර එය පක්ෂ ප්‍රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොවූ බවද  ඔහු සඳහන් කර ඇති අතර ප‍්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියළු මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් සිය පදවිය තීන්දු වීනම් යහපත් බවද ඔහු පවසා ඇත.

palitha rබූරුවා ගහනවා වගේ වැඩක් වුණේ - පාලිත රංගේබණ්ඩාර 
එසේම රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සඳහන් කර සිටින්නේ එජාප ප්‍රතිසංවිධානය  බූරුවා ගහද්දි කූට්ටමේ කොළ මාරු වුණත් බූරුවා ගහන කණ්ඩායම අතර බෙදී යනවා මෙන් සිදුව ඇති බවය.
"බූරුවා ගහද්දි කණ්ඩායමෙන් පිටට කොල යන්නේ නැහැ. මෙවරත් බූරුවා කූට්ටමේ කොළ එකම පිරිසක් අතර හුවමාරු වෙනවා වගේ තමයි ප්‍රතිසංවිධානය සිදුකරල තිබෙන්නේ,පක්ෂයේ තනතුරු බෙදා ගෙන තිබෙන්නේ එකම කණ්ඩායමක් " යනුවෙන්ද ඔහු සඳහන් කර ඇත.
එසේම එක්සත් ජාතික පක්ෂය විසින් සිදු කරන ලද ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් මහ ජනතාවගේ ප්‍රතිචාර දැන ගන්නට ජන්දයක් එන තුරු සිටීමට දෙයක් නොමැති  බවත් සමාජ මාධ්‍ය ජාල හා පාක්ෂිකයා කටයුතු කරන ආකාරය ඒ බව දැනගැනීමට හැකිවනු ඇති බවද ඔහු සඳහන් කර සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙල සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
navin Dපක්ෂ නායකත්වය කනෙන් අල්ලා එලියට දැමීම සුදුසු නෑ - නවීන් දිසානායක
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කර සිටින්නේ පක්ෂ නායකත්වය හෝ ප්‍රතිසංවිධාන කටයුත්ත සම්බන්ධව පාර්ලිමේන්තු කණ්ඩායමේ හෝ විධායක සභාවේ කිසිවෙක් විරෝධය නොපෑ බවය.
එසේම පක්ෂ නායකත්වයට ගරුත්වයක් තිබිය යුතු බවත් පක්ෂ නායකයාව පක්ෂ ව්‍යවස්ථාව අනුව පහසුවෙන් ඉවත් කිරීමට නොහැකි මෙන්ම පක්ෂ නායකයා කියන්නේ කනෙන් ඇද එළියට ඇද දැමිය යුත්තකු නොවන බවද ඔහු සඳහන් කර සිටියි.
ක්‍රමයෙන් දෙවන පෙළ කණ්ඩායමට පක්ෂ නායකත්වයේ  ක්‍රමයෙන් භාරදෙනු ඇති බවත් සඳහන් කල අමාත්‍යවරයා ඉදිරි දින කිහිපය තුළ නව නිළධාරී මණ්ඩලයට සිය වගකීම් නිශ්චිතව දැනුම් දෙනු ඇති බවද පැවසීය.
15,564 Viewers 

No comments:

Post a Comment

Post Bottom Ad