සුපිරි සංගා තණ තිල්ලෙන් ක‍්‍රිකට් විචාරක අට්ටාලයට… Sky Sports හා එක්වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 17, 2018

සුපිරි සංගා තණ තිල්ලෙන් ක‍්‍රිකට් විචාරක අට්ටාලයට… Sky Sports හා එක්වෙයි..

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ වසරේදී තම දේශයේදීම සහභාගි වන ක්‍රිකට් තරගවල විස්තර විචාර කටයුතු සඳහා ස්කයි ස්පෝර්ට්ස් නාළිකාව විසින් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයකු වූ කුමාර් සංගක්කාර බඳවාගෙන තිබේ.

ඒ අනුව මේ වසරේදී එංගලන්තයේ ක්‍රිකට් තරග සමයට ඇතුළත් කර තිබෙන පාකිස්තානය සමඟ මැයි මාසයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය, ජුනි මාසයේදී ඕස්ට්‍රේලියානුවන් සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය හා ජූලි හා අගෝස්තු මාසවලදී ඉන්දියාව සමඟින් පැවැත්වෙන ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරගාවලියන්හිදී සංගක්කාර රූපවාහිනි විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීමට නියමිතය.

මෙයට පෙර මෙම රාජකාරියෙහි නිරතව සිටි ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් ඉවත් කරමින් සංගක්කාර මෙම කටයුත්ත සඳහා යොදවා ගත්තද පසුගිය වසරේ ජුනි මාසයේදී එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලන ක්‍රිකට් තරගාලියේදී කුමාර් සංගක්කාර විස්තර විචාරකයකු ලෙස සම්බන්ධ වී තිබිණි. කෙසේ වෙතත් එම වසරේදී (2017) එංගලන්තයේදී පැවැති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්තය නියෝජනය කළ සංගක්කාර තරග 10කදී ශතක 8ක් හා අර්ධ ශතක 2ක්ද සමඟින් ලකුණු 1491ක් ලබා ගැනීමද විශේෂත්වයකි.

– mawbima

No comments:

Post a Comment

Post Bottom Ad