ලිංගිකත්වය (Sexuality) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 29, 2018

ලිංගිකත්වය (Sexuality)


ජීව විද්‍යාත්මකව ගත් කල සතුන්ට පොදුවූ ලක්ෂණ වනුයේ ආහාර ගැනීම, නිදා ගැනීම, ලිංගිකත්වය, බහිස්‍රාවය පිටකිරීම, හා ආදරය යනාදියයි. ලිංගික ජීවියෙකු වූ මිනිසාද ලිංගික ප්‍රදර්ශණයට ප්‍රිය කරයි. තම විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමට වෙර දරයි.

මොනරා පිල් විදහාලනුයේ තම විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කර ගැනීමටය. ගැහැණියක් ස්කිනි, ටයිට්, ඩෙනිම්, ලෙගින්ස් අදිනුයේ විලාසිතාවකටම නොව තම යටි හිතෙවූ ලිංගිකත්වය ප්‍රදර්ශණය කිරීමට බව සමාජ විද්‍යාඥයන්ගේ මතයයි.
තරුණයන් ජිම් වලට ගොස් කාය වර්ධනය කරගනු ලබන්නේ තරුණියකට පිරිමියකු දුටුවිට පිරිමියාගේ උරපතු ප්‍රථම ආකර්ශණයවීමත් ඒ තුලින් තරුණිය ඔහු ශක්තිවන්තයෙකු ලෙස සිතා තරුණිය තරුණයාට ආකර්ෂණය වන බව දන්නා හෙයිනි.

පිටරට කායවර්ධන මධ්‍යස්ථාන වල ගැහැනුන්ගේ නිතඹ, ලැම ප්‍රදේශයන් වර්ධනය කර ගැනීමට විවිධ ශාරීරික අභ්‍යාස කරනු ලබයි. කැපී පෙනීම මිනිස්සුන්ට පමණක් නොව තිරිසනුන්ටද පොදු ලක්ෂණයකි. සතුන් බොහෝවිට කැපී පෙනෙනුයේ විරුද්ධ ලිංගිකයා ආකර්ශණය කර ගැනීම පිණිසය. නමුත් මිනිසා ඊට වඩා සංකීර්ණ ස්වභාවයක් උසුලයි. මිනිසා කැපී පෙනීමට උත්සාහ දරනුයේ අනිකා අභිබවා ඔහු තුලවූ අහංකාරය නැමති මනෝභාවය තුලය. තව කෙනෙකු යට කරගෙන සේවයක් ලබා ගැනීමට ප්‍රිය වන අතර ඔහු අනෙකාට වඩා ඉහලින් සිටීමට වෙර දරයි.

ගැහැණිය තම අගපසග මනාලෙස පෙනෙන ලෙස ඇදුම් ආයිත්තම් අදිනුයේ ප්‍රදර්ශණ කාමයට නොවේද ?. පිරිමියා ලස්සන මෝටර් සයිකලයක් සිත් ගන්නා නවීන වාහනයක් මිළදී ගනුයේ ලිංගික ආකර්ශණයට නොවේද ?. සමාජයේ මුල් කාලීන යුගය වූ ගල් යුගයේදී මිනිසා බහු සේවනය සදහා යොමු වුවද ගොවි යුගය තුල පවුලක් ලෙස ක්‍රමවත්ව නිර්මාණය වී බීජ වගාකොට ඵලදාව තමාගේ පවුලේ දරුවන් හා එක්වී කටයුතු කිරීම තුල ලිංගිකත්වය ක්‍රමික වූ බවයි. පසුව ආගම් හා ආචාර ධර්ම වල නීතිය සමාජය තුල සමාජගත වනවිට ලිංගිකත්වය සදහා පාලනයක් ඒ තුලින් නිර්මාණය විය. එහෙත් ලිංගිකත්වය පිළිබද සාමාන්‍ය වැසියාට පාලන හා පැන වුවද එම සමාජයේ ප්‍රධානියා වූ රජුහට සීමා මායිම් නොවීය.

රජුහට අන්තක්පුර පැවතියේ එහෙයිනි. වනයෙන් පැමිණි වනගත මිනිසාට වර්තමාන සමාජයක ගෙවල් තාප්ප ගසා පවුල නැමති සංකල්පය තුල ජීවත්වුවද තම සහකාරිය සිටියදී වෙනත් ලිංගික සහකරුවන් සොයා යනුයේ ඔහු වනයෙන් ගෙනා වනගති තවමත් ඔහුට උරුම වෙන හෙයිනි. එවක ලාංකික සමාජයේ එක ගෙයි කෑම ( එක බිරිදක හා සැමියන් දෙදෙනෙකු හෝ එක සැමියෙකු හා බිරින්දන් දෙදෙනෙකූ විවාහයන් සිදුවූයේ දේපල පිට යාම වලක්වා ගැනීමටය. අප රටද එකල බහුලිංගික සේවනය අනුමත කල රටක් බවයි.

මෑත කාලීන සමාජය තුල ඉපැරණි රජු සමයේ රජු හා සමාන අන්තක්පුර පිළිබද මෑත කාලීන පාලකයින්ටද චෝදනා එල්ල විය.  තවත් කරුණක් නම් ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් හට ද දෝෂභියෝගයක් ගෙන එමින් අමෙරිකානු අධිකරණයක් තුල එම චෝදනා වලට සම්බන්ධ මොනිකා ලෙවින්ස්කි ගේ යට ඇදුම් වල ක්ලින්ටන්ගේ ශුක්‍රාණු තැවරී ඇත්දැයි පරීක්ෂණ කිරීමට අධිකරණ නියෝගයක් ලැබීමයි. ක්ලින්ටන් ජනාධිපතිවරයාට මෙලෙස සිදුවිම් සිදුවුයේ ලිංගිකත්වයේ අනිටු ප්‍රතිපලය නිසා නොවේද ? ලංකාවේ පවුල් අවුල් වියවුල් වන්නේ විශාල ලෙස අනියම් ලිංගීක සම්බන්ධයන්හි ප්‍රතිඵලය නිසා නොවේද ? 

මිනිසාගේ යටි හිතේ අැති ලිංගිකත්වය උලුප්පා ප්‍රචාරණ කලාව තුල භාණ්ඩ අ‍ලෙවි කිරීම කරනුයේ මිනිසාගේ ලිංගිකත්වය නැමති දුර්වලතාවය ප්‍රයෝජනයට ගෙන නොවේද ? හොලිවූඩ්,කොලිවූඩ් චිත්‍රපට විකිණිම සිදුකරනුයේ මිනිසාගේ ලිංගිකත්වය කුකුස නොවේද ? ලෝකයේ වැඩියෙන්ම මිනිමැරුම් සිදුවනුයේ අසම්මත ලිංගීකත්වයන් නිසා නොවේද ? ලිංගීකත්වය යනු දෙපැත්ත කැපෙන දැලිපිහියක් ලෙස නොවේද ?

17,085 Viewers

No comments:

Post a Comment

Post Bottom Ad