වියානා ඇලට වැටී අතුරුදන්ව සිටි ටියුෂන් සර් දැන් කියන අමුතු කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 28, 2018

වියානා ඇලට වැටී අතුරුදන්ව සිටි ටියුෂන් සර් දැන් කියන අමුතු කතාව

පෙරේදා අලුයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදී වියානි ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිටි ටියුෂන් ගුරුවරයෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වෙන අතරවාරයේ අද ඔහු පොලිසියට පැමිණ භාරවී තිබේ.
හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ප්‍රභාත් විතානගේ නමැති
34 හැවිරිදි ගුරුවරයෙකු මෙලෙස අතුරුදන්ව සිටියේය. ප්‍රදේශවාසීන් උදැසන පෙරළී ගිය වාහනය දැක එය ගොඩගන්නට කටයුතු කළත් එය ඇතුළේ කිසිවෙකු නොසිටියෙන් පැමිණි අය ඇලේ ගසාගෙන ගොස් අනතුරක් වන්නට ඇතැයි උපකල්පණය කර තිබුණි.
ඔලුවිල් නාවික හමුදා කදවුරේ නිළධාරීන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව
බෝට්ටු 2 ක් යොදවා ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළ අතර පොලිස් කණ්ඩායම් 4ක් ද යොදවා තිබුණි.
මෙම පුද්ගලයා සෙවීමේ මෙහෙයුම් කටයුතු හේතුවෙන් ඊයේ වියානි ඇලට ජල සැපයීම ද තාවකාලිකව

අත්හිටුවන ලදි.මෙම සිද්ධියත් සමග වියානි ඇළට වහාම ආරක්ෂිත වැටක් ඉදිකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද මහවැලි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදෙන ලදි.
සුඛෝපභෝගී ජීප් රථ අංකය ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදී එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු නමට ලියාපදිංචි වී ඇති බවට පොලිසියට තොරතුරු ලැබී එම පුද්ගලයාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී  සිද්ධිය දැනුමස් දී තිබුණි. නිවැසියන් ප්‍රකාශ කර තිබුනේ මොහු කතරගම යාම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇති බවයි.
පොලිසිය ඔහුව සොයමින් සිටියදී ඔහුගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වී ඇති බවට ලද තොරතුරු සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබු අතරවාරයේ අතුරුදන්වූවායයි සිතූ උපකාරක පංති ගුරුවරයා අද (28) මහියංගනය පොලිසියට භාර වී තිබෙයි.
වාහනය සමග තමා ඇලට පෙරළුනු බවත් පසුව පීනා ගොඩට පැමිණි බවත් ඔහු පවසා ඇති නමුත් ඔහු සිද්ධිය විස්තර කළ ආකාරය සැක බව පොලිසිය පවසයි. සිද්ධිය අවස්ථාවේ තවත් කෙනෙකු වාහනයේ ගමන් කළ බවට තොරතුරු ලැබී තිබේ.
දින තුනක් පමණ අතුරුදන්ව සිටි ඔහු අද දහවල් මහියංගණය පොලිසියට භාරවීම පසුපස වෙනත් කථාවක් තිබෙන බවට දැන් සැක මතුව තිබේ.
 ඔහුගේ ප්‍රකාශයේ සත්‍යතාව තහවුරු කර ගැනීමට පොලීසිය වැඩිදුර සොයා බලන බව වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad