අනතුරකදී උදව්වට සැමට 'ඊ හෙල්ත් ' කාඩ්පතක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 19, 2018

අනතුරකදී උදව්වට සැමට 'ඊ හෙල්ත් ' කාඩ්පතක්

වසර 2020 වනවිට මෙරට සියලු පුරවැසියන් සඳහා ඊ හෙල්ත් කාඩ්පත් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

හැදුනුම්පතක

ආකාරයෙන් නිකුත් කරන මෙය සෑම පුරවැසියකුටම අනන්‍ය වූ හදුනාගැනීමේ අංකයක් සහිත සෞඛ්‍ය වාර්තාවක් ලෙස නිකුත් කරන බවත්, හදිසි රෝගීවීමකදී, අනතුරක් වැනි අවස්ථාවකදී නිසි ප්‍රතිකාර ලබාදීමට එය උදව් වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. මෙහිදී හිමිවන අංකයට අඳාළව එම සෞඛ්‍ය වාර්තාවන් පවත්වාගෙන යාමට නියමිත බවද ඇමැතිවරයා කිව්වේය.
එමෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සඳහා ඉදිරියේදී පියවර රැසක් ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad