මිරිස්සේදී සුද්දියක සමූහ දූෂණ සිද්ධිය ඊමේල් පැමිණිල්ල මත 9 ක් ඇතුලේ සංචාරක වැඩසටහන් අවුල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 21, 2018

මිරිස්සේදී සුද්දියක සමූහ දූෂණ සිද්ධිය ඊමේල් පැමිණිල්ල මත 9 ක් ඇතුලේ සංචාරක වැඩසටහන් අවුල්


මිරිස්සේදී සුද්දියක
සමූහ දූෂණ සිද්ධිය

ඊමේල්  පැමිණිල්ල මත 9 ක් ඇතුලේ
සංචාරක වැඩසටහන් අවුල්

යුරෝපීය ජාතික සුදු තරුණියක මිරිස්ස වෙරළ තීරයේදී සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මේ වනවිට මන්දගාමී තත්වයක පසුවීම නිසා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් නැවතත් අපකීර්තියකට මුහුණ දෙන්නට සිදුවන අවදානමක් පැන නැගී තිබේ.මේ වනවිට මිරිස්ස හා ඒ ආශ්‍රිත සංචාරක කටයුතුද අවුල්ව ගොස් තිබේ.
පසුගිය අප්‍රේල් මස 8 වන දින අළුයම කාලයේ දී මාතර වැලිගම මිරිස්සේ වෙරළ තීරයේදී මෙම සිදුවීම සිදුව තිබේ.
වෙරළ තීරයේ නෙදර්ලන්ත සහ බ්‍රිතාන්‍ය ජාතික සුදු තරුණයන් පිරිසක් සමග සුදු තරුණියක ගමන් කරමින් සිටියදී අසළ සිටි ලංකාවේ තරුණයින් 9 දෙනෙකු එම සුදු තරුණයන්ට පහර දී
සුදු තරුණිය අසළ ස්ථානයකට ඇදගෙන ගොස් තිබෙන අතර පසුව මෙම සමූහ දූෂණය සිදු කර පළාගොස් තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ල අනුව විමර්ශන සිදුකර සැකකරුවන් 6 දෙනෙකු අප්‍රේල් මස 13 වන දින අත්අඩංගුවට ගෙන අප්‍රේල් මස 14 වන දින මාතර

මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
තවත් සැකකරුවන් තිදෙනෙකු අප්‍රේල් 17 වන දින අත්අඩංගුවටගත් බවත් සියල්ලන් 9 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වාර්තා විය.
කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු සිදුවන අතරවාරයේ සිද්ධියට මුහුණ දුන් විදේශික අය කලින් යොදාගත් පරිදි නැවත සිය රටවල් සඳහා පිටත්ව ගොස් තිබුණ නිසා පෙරට්ටුව සිදු කිරීමට අවස්ථාවක් නොවීය.
සිද්ධියට මුහුණ පෑ විදේශිකයින් යළි මෙරටට ගෙන්වීමට  සියළු වියදම් රජයෙන් ගෙවීමට සුදානම් බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසා තිබේ.
පෙරට්ටුව ලබන 26 වැනිදා අධිකරණයේ සිදු කෙරන බවත් , ඔවුන් හඳුනා ගැනීමට එම විදේශිකයින් පැමිණ සහාය දෙන්නේ නම් එම පරීක්ෂණ තවත් ශක්තිමත් වන බව ඔහු පවසා ඇත.
මෙම සිද්ධියත් සමඟ මෙරට සංචාරක් කර්මාන්ත දැඩි බලපෑමක් එල්ල වූ බවත් අදාළ සිදුවීමට මුහුණ පෑ විදේශිකයින් අයත් රටවල් හි තානාපතිවරුන් හා අනෙක් සියලූම රටවල් තානාපතිවරුන් ලබන 25 වැනිදා  කොළඹදී එක් රැස් කොට සිදු කරන පරීක්ෂණ සම්බන්ධ දැනුම්වත් කිරීමටද බලා පොරොත්තු වන බවත්

ඔහු පවසා ඇත.
මෙම සිද්ධියට මුල්වූ අනාරක්ෂිත වෙරළ පවත්වාගෙන ගිය  මිරිස්ස ප‍්‍රදේශයේ හෝටලය පවත්වාගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නියම කර තිබුණි. එම හෝටලය ලියාපදිංචි බලපත‍්‍රයක් නොමැතිව  පවත්වා ගෙන ගොස් තිබූ එකක් බවද හෙළිව තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධ පැමිණිල්ල පොලිසියට ලැබී ඇත්තේ අදාළ සුදු ජාතිකයින් සිද්ධියට පසුදාම තම මව් රටට ගොස් එහි සිට ඊමේල් හරහාය. පැමිණිලි ලබා දීමෙදී හා සිද්ධිය ගැන දැනුවත්වීමේදී පමාවක් පැවතියේ යැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (20) පවසා තිබේ.
එසේ වුවද විදේශිකයන් තිදෙනකුට හිරිහැර සිදුවීමට අදාළව දැනට සිදු කෙරෙන පරික්ෂණවලදී අධිකරණයට ඉදිරිපත් කිරිමට ප්‍රමාණවත් දේශීය සාක්ෂි පවතින බවද අදාළ සිදුවීම සම්බන්ධයෙන්  ආරක්ෂිත කැමරා දර්ශන (සීසීටීවී) සිද්ධිය වූ හෝටලයෙන් හා අසල පිහිටි වෙනත් හෝටලයකින් ලඛා ගැනීමට පොලිසිය සමත් වූ බවද පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad