මවත්, දියණියත් නිවෙස තුළම අබිරහස් ලෙස මියගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 21, 2018

මවත්, දියණියත් නිවෙස තුළම අබිරහස් ලෙස මියගිහින්


මහියංගණ පොලිස් වසමට අයත් කෙසෙල්‍පොත ඉකිරිගොඩ ප්‍රදේශයේ නිවසක් තුළ මවක් හා ඇගේ දියණිය සැක කටයුතු ලෙස මිය ගොස් සිටියදී සොයා ගත් බව මහියංගන පොලීසිය පවසයි.   



සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මහියංගණ කෙසෙල්‍පොත අංක  129 , කොලොන්බැද්ද, ඉකිරිගොඩ පදිංචි ඩී එම් හීම්මැණීකා (59) සහ ඩබ්ලිව් එම් රේණුකා (40) නැමැති ඇගේ දියණියකි.

මියගිය කාන්තාවගේ දරුවෙකු විසින් දෙන ලද දුරකතන ඇමැතුමකට අනුව එහි ගිය මහියංගණ පොලීසියේ නිලධාරිහු පිරිසක් සිය නිවස තුල මියගොස් සිටි මෙම දෙදෙනාගේ මළ සිරුරු හදුනාගෙන ඇත.
මොවුන් කෙසේ මියගොස් ඇත්දැයි තවමත් අනාවරණය වී නොමැත.

මෙම දෙදෙනා මියගොස් සිටි නිවස ඉබි යතුරු දමා අගුල්දමා ඇති අතර අද (21) දිනයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්විමට නියමිතය.

මහියංගණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(වියලුව නිශාන්ත කුමාර)

No comments:

Post a Comment

Post Bottom Ad