අනියම් සැමියාගේ අතින් අමානුෂිකව ඝාතනය වූ සුරංගිකාගේ මරණයේ තොරතුරු රැසක් එළියට එයි - Photos - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 18, 2018

අනියම් සැමියාගේ අතින් අමානුෂිකව ඝාතනය වූ සුරංගිකාගේ මරණයේ තොරතුරු රැසක් එළියට එයි - Photos

දෙදරු මවගේ ගෙල කපා ඝාතනය කර වස පානය කරලා......
මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචියට ගිහින්...

වැලිපැන්න, හතරේ කණුව ප්‍රදේශයේදී සුරංගිකා නමැති දෙදරු මවකගේ ගෙල කපා ඊයේ (17) ඝාතනය කර තිබුණා.

එලෙස වැලිපැන්න සිහිලැල්තැන්න ප්‍රදේශයේ දෙදරු මවකගේ ගෙල කපා ඝාතනය කර වස පානය කළ සැකකරුද මියගොස් තිබෙනවා. 

34 හැවිරිදි සැකකරු දර්ගා නගරයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ උදෑසන මෙලෙස ඝාතනයට ලක්වුයේ 37 හැවිරිදි කාන්තාවක්. 

මෙම ඝාතනයෙන් පසු සැකකරු වස පානය කිරීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබුවා. 

ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බවයි පොලිසිය කියාසිටියේ. 

37 හැවිරිදි දෙදරු මවක් වන කාන්තාව සිය අනියම් සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

ඇය විදේශගතව සිට පැමිණ මාස 3 ක පමණ කාලයක සිට සැමියාගෙන් වෙන්ව කුලී නිවසක පදිංචිව සිටි බවටයි හෙළිවී ඇත්තේ.

ඒ අවුරුදු 16 හැවිරිදි දියණිය සහ 12 හැවිරිදි පුත්‍රයා ද සමගින්.

දියණිය සඳහන් කර ඇත්තේ නිවසට පැමිණි පුද්ගලයෙකු සමග ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එය වැලැක්වීමට ගිය කුලී නිවසේ හිමිකාරිය සහ මියගිය කාන්තාවගේ පුත්‍රයා ද තුවාල ලබා දර්ගා නගරයේ ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියාසිටියේ.

සිද්ධිය පිළිබඳ වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

Courtesy : gossip.hirufm.lk

No comments:

Post a Comment

Post Bottom Ad