එජාප මහලේකම්ධූරය අකිලට..! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 18, 2018

එජාප මහලේකම්ධූරය අකිලට..!


එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානය ඉදිරි සති දෙක ඇතුළත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
පක්‍ෂ ප්‍රති සංවිධානයේදී එක්සත් ජාතික පක්‍ෂ නිලධාරී මණ්ඩලයේ කැපී පෙනෙන වෙනසක් කිරීමට නියමිත අතර පක්‍ෂ මහලේකම් ධූරය සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කිරීමටත් නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා අළුත්ම මුහුණක් ඉදිරිපත් කිරීමටත් තීරණය වී තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ජනතාව දුන් පණිවිඩය තේරුම් ගෙන 2020 මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි පසුබිම සකස් කිරීම සඳහා මෙම ප්‍රතිසංවිධානය කරන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා නිර්දේශ ලබා ගැනීමට පක්ෂනායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතාගේ නියමයෙන් පත් කෙරුණු කමිටු තුනේ අදහස්ද මෙම පුර්ණ ප්‍රතිසංවිධානයේදී සලකා බැලීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ,ආරක්ෂකරාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටු තුන පත් කෙරුණු අතර මෙම කමිටු වල නිර්දේශ මෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ අදහස් පිළිබඳව සැලකීම යොමුකර නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ.
පළාත් පාලන මැතිවරණය නිමා විමත් සමඟ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීමට තීරණය වී තිබුණද පසුගිය දින වල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ නොසන්සුන්කාරී තත්වය නිසා එම කටයුතු පමා විය.
(අංජුල මහික වීරරත්න)

No comments:

Post a Comment

Post Bottom Ad