ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර් හදා ලෝකය ඇල්ලු LTL හෝල්ඩිංස්අභිමානනීය ගමනක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 15, 2018

ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර් හදා ලෝකය ඇල්ලු LTL හෝල්ඩිංස්අභිමානනීය ගමනක

ලංකාවටම ට්‍රාන්ස්ෆෝමර් හදා
ලෝකය ඇල්ලු
LTL හෝල්ඩිංස්අභිමානනීය ගමනක

මෙරට ජන ජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන විදුලි බලය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම අරඹමින් අද වන විට දේශීය බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත්ව සිටින LTL හෝල්ඩිංස් සමාගම සිය විජයග්‍රාහී ගමන්මගේ 35 වන වසරට එළඹ තිබේ. එම විජයග්‍රාහී ගමන්මගේ සාර්ථකත්වය පිළිබඳව කෙටි සමාලෝචනයක් දේශීය සහ විදේශීය මුද්‍රිත, සමාජ ජාල හා වෙබ් ජනමාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(14) කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණ.

ඉහළ ප‍්‍රමිතියකින් සහ අඩු පිරිවැයකින් යුතු ට‍්‍රාන්ස්ෆෝමර් ශ්‍රී ලංකාව තුළදීම නිපදවීම සදහා දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත නව ආයතනයක් නිර්මාණය කළ යුතුය යන ඉලක්කය සහිතව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ට‍්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශයේ තරුණ ඉංජිනේරුවෙකු වශයෙන් ක‍්‍රියා කළ යූ.ඩී. ජයවර්ධන මහතා විසින් එවකට විදුලි බල මණ්ඩලයේ ට‍්‍රාන්ස්ෆෝමර් අලූත්වැඩියා අංශය භාරව කටයුතු කළ ඉංජිනේරුවරයා වූ චන්න අමරසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම බිහිකිරීමට කටයුතු කළේය.

1982 වසරේදී ට‍්‍රාන්ස්ෆෝමර් 700 ක් පමණ නිපදවීමේ හැකියාවකින් යුතු කර්මාන්ත ශාලාවකින් ඇරඹි ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අද වන විට දේශීයව පමණක් නොව ට‍්‍රාන්ස්ෆෝමර් අපනයනය හරහා ජාත්‍යන්තරයද ජයගත් අග‍්‍රගණ්‍ය ශ්‍රී ලාංකික සමාගමක් බවට සහ මෙරට විශාලතම බලශක්ති ජනන සමාගමද බවට පත්ව ඇත. 90 දශකයේදී නඩත්තුවක් අවශ්‍ය නොවන ට‍්‍රාන්ස්ෆෝමර් සහිත දකුණු ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගමට හැකියාව ලැබිණ.

1996 වසරේදී LTL සමාගම විදුලි බලාගාර ගොඩනැංවීමේ ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ලාංකීය විදුලිබල ක්ෂේත‍්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ ලක්දනවි විදුලි බලාගාරය අරඹමිනි. ලංකාවේ ස්වදේශීය වශයෙන් ඉදි කරන ලද ප‍්‍රථම බලාගාරය වූයේ මෙම ලක්දනවි බලාගාරයයි. එය මෙගාවොට් 25ක ධාරිතාවයකින් යුක්ත විය. ඉන් අනතුරුව මෙගාවොට් 300ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය යුගදනවි බලාගාරය, යාපනය චුන්නාගම් විදුලි බලාගාරය, පුත්තලම පවන්දනවි සුළං විදුලි බලාගාරය, පුත්තලම හෙළදනවි විදුලි බලාගාරය, කෑගල්ල අසුපිනි ඇල්ල කුඩා විදුලි බලාගාරය සහ රත්නපුර බෙලිහුල්ඔය කුඩා විදුලි බලාගාරය ඇතුළු බලාගාර රැසක් ඉදිකිරීමට LTL සමාගමට හැකියාව ලැබුණි.

LTL හෝල්ඩිං සමාගම මේ සියලූ ව්‍යාපෘතීන් හිමිකරගෙන තිබෙන්නේ දේශීයව සහ ජාත්‍යන්තරව තරගකාරී ටෙන්ඩර් කැඳවීම අනුව ලංසු ඉදිරිපත් කිරීම හරහාය. අතරමැදියන් සඳහා කොමිස් මුදල් ලබාදීමකින් තොරව සාධාරණ ලාභ ආන්තිකයක් රඳවා ගනිමින් ව්‍යාපාර සැලසුම් සකස් කිරීම නිසාම අනෙකුත් සමාගම්වලට සාපේක්ෂව එක් විදුලි ඒකකයක් සඳහා අවම මිලක් ඉදිරිපත් කිරීමට LTL සමාගමට හැකිවී තිබේ. සම්පූර්ණයෙන්ම දේශීය සමාගමක් වන LTL සමාගම ශ්‍රී ලාංකීක ඉංජිනේරුවන්ගේ දැනුම සහ හැකියාව මත සම්පූර්ණ විශ්වාසය තබා ඇති අතර, අවශ්‍ය විටදී ලොව ඉහළම තාක්ෂණය සහ ඉහළම දැනුම සහිත පාර්ශවයන්ගෙන් උපදෙස් ලබා ගනිමින් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරනු ලබයි.

සම්පූර්ණයෙන්ම පෞද්ගලික සමාගම් කළමනාකරණ ක‍්‍රමෝපායයන් අනුගමනය කරන LTL සමාගම තරගකාරී වෙළෙඳපොළ තත්ත්වයන්ට මුහුණු දෙමින් අභියෝග ජයගනිමින් සාර්ථකව ඉදිරියට පියමනිමින් සිටියි. පසුගිය වසර දහය තුළදී දේශීය සමාගමක් ලෙස බංගලාදේශය, ඕමානය සහ මාලදිවයින වැනි රටවල ඉදි කෙරුණු විදුලි බලාගාර මෙන්ම උගන්ඩාව,ටැන්සානියාව සහ කෙන්යාව වැනි රටවල විදුලි සම්පේ‍්‍රෂණ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘති හරහා LTL සමාගම මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප‍්‍රමාණය රුපියල් බිලියන 24 ක් පමණ වන අතර ඉන් රජයට ඉතිරිකර දුන් මුදල රුපියල් බිලියන 200 ක් පමණ වේ. 

අද වනවිට සම්පූර්ණ දේශීය අවශ්‍යතාවය සපිරීමෙන් පසුව ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් සමාගම විසින් නිෂ්පාදිත ට‍්‍රාන්ස්ෆෝමර්ස් විදේශ රටවල් වෙත අපනයන කරනු ලබන අතර ආසියාවේ සහ අප‍්‍රිකාවේ ශ්‍රී ලංකා තේ වලට පසුව ඇති ජනප‍්‍රියම වෙළෙඳ සන්නාමය ද LTL හෝල්ඩිංස් වේ.

තාප, ජල විදුලි සහ සුළං බලාගාර මඟින් විදුලි ජනනය සඳහා කටයුතු කරන LTL හෝල්ඩිංස් සහ Ceyleex ඇතුළු සමාගම් සමූහයේ සාමූහික දායකත්වයෙන් යුතුව මෙරට මෙන්ම බංගලාදේශය, මාලදිවයින සහ අපි‍්‍රකාව ඇතුළු විදෙස් රටවලද විදුලි බල නිෂ්පාදන කටයුතු සිදු කිරීම මඟින් විදෙස් විනිමය විශාල වශයෙන් මෙරටට ලබාගැනීමටද හැකිව තිබීම දේශීය සමාගමක් ලබාගත් සුවිශේෂී ජයග‍්‍රහණයකි.

LTL සමාගම බලශක්ති ක්ෂේත‍්‍රයේ දැවන්තයා බවට පත්වෙමින් දශක හතරක් පුරා මෙරට දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, දූෂණය සහ වංචාව පිටුදකිමින්, ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් බලගන්වමින්, නව රැකියා අවස්ථා දහස් ගණනක් ලබාදෙමින් මෙම සමාගම් සමූහය විසින් ඉටු කරමින් සිටින සමාජ වගකීම ද සුවිසල් ය.




No comments:

Post a Comment

Post Bottom Ad