ස්ටීවන් හෝකින් ලෝකයට සමුදෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 15, 2018

ස්ටීවන් හෝකින් ලෝකයට සමුදෙයි

ලොව තුළ ජීවත් වූ කීර්තිමත්ම භොතික විද්‍යාඥයා ලෙස හැදින්වූ ස්ටීවන් හෝකින්  අභාවප්‍රාප්ත වී තිබේ.

76 වන වියේ පසුවූ ඔහු අද(14) මිය ගොස් ඇති බව සඳහන්ය.

බොහෝ දෙනාගේ පිළිගැනීම වන්නේ මෙතුමා ඇල්බර්ටි අයින්ස්ටයින්ට පසුව ලොව බිහිවූ බුද්ධිමත්ම පුද්ගලයා බවයි. 

ස්ටීවන් මහතා අවුරැදු 30ක් එංගලන්තයේ කෙමිබ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලුකේසියානු මහාචාර්ය ධූරය දරා ඇත. 

එසේම වැදගත්ම කාරණය වන්නේ අයිසෙක් නිවුටන්ට පසුව එම ධූරය දැරෑ එකම පුදුගලයා වන්නේද ඔහු වීමයි.
කෙසේ වෙතත් ස්ටීවන් හෝකින් මහතා වසර ගනනාවක් තිස්සේ අංශභාග රෝගයට ගොදුරැව රෝගීව රෝදපුටුවකට වී සිටින අතර මේ කිසිවකට ඔහුගේ පර්යේෂණ හා අදහස් නතර කිරීමට නොහැකි වී ඇත.

මිය යන විට  ඔහුට හරිහැටි කතාබහ කිරීමට නොහැකිය.

ඒ නිසාම මෙතුමාගේ වටිනා අදහස් දැනගැනීම සඳහාම ඉන්ටෙල් සමාගම මඟින් තැනු විශේෂ පරිගණකයක් ඔහුගේ රෝද පුටුවට සවි කර ඇත.

මෙම පරිගණකයට ඉතා උසස්ම කෘතිම බුද්ධිතාක්ෂණය අන්තර්ගත කොට ඇති අතර එයට ස්ටීවන් හෝකින් යමක් සිතන විට එය පරිගණක තිරයේ සටහන් කරන්නටත් අවශ්‍ය විටක එය පරිගණකය හරහා කියවන්නටත් පුළුවන.

​මෙතුමා උත්සහ කරන්නේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් ක්වොන්ටම් වාදයත් එකට ගැලපීමටයි.

දැනටමත් ඒ සඳහා උදවු වන සොයා ගැනීමක් ඔහු විසින් කර ඇත.

අලෝකය නිකුත් නොවන් අභ්‍යවකාශයේ පවත්න කළු කුහර වලින්ද කිරණ නිකුත් වන බව එම සොයා ගැනීමයි.

 එපමනක්ද නොව හොකින් යනු ප්‍රකට විද්‍යා ලේඛකයෙකි.

 ඔහු 1988 ලියන ලද A breif history of time කෘතිය අදටත් ලොව වැඩිපුරම අලෙවි වන පොතකි .

දැනට එහි පිටපත් අනූ ලක්ෂයක් විකිනී ඇති බවයි අන්තර්ජාලයේ සඳහන්වෙයි.


(under the courtesy of adaderana.lk news web)

No comments:

Post a Comment

Post Bottom Ad