ජිනීවා සැසිවාරය එනකොටම එළියට දැමූ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝව මෙන්න..... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

ජිනීවා සැසිවාරය එනකොටම එළියට දැමූ ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝව මෙන්න.....


මෙරට දෙමළ ජනතාවට එරෙහිව මේ වනවිටත් ආරක්ෂක අංශ විසින් වදහිංසා පැමිණවීම් සිදු කරන බවට විදෙස් මාධ්‍යක් යළි සිදු කර ඇති චෝදනාව ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතික්ෂේප කරනවා.
යුද සමයේ මෙන්ම වත්මන් ආණ්ඩුව සමයේ දී ද දෙමළ ජනතාවට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් රැසක් ආරක්ෂක අංශ විසින් සිදු කරමින් පවතින බවටයි ඊයේ අල්ජසීරා මාධ්‍ය ආයතනය සඳහන් කර තිබුණේ.
එලෙස වදහිංසාවන්ට ලක් වු බව කියන පුද්ගලයෙකු එම මාධ්‍ය අයතනය වෙත ලබාදුන් හඬ පටයක් ද ඔවුන් ඉදිරිපත් කර තිබුණා.
ආරක්ෂක අංශ විසින් තමන්ට පහර දුන් බවත් ලිංගික හිංසන සිදු කළ බවත් අදාළ පුද්ගලයා සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත්  අතපත්තු මහතාගෙන් විමසීමක් කළා.එහිදී ඔහු සඳහන් කළේ අදාළ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.
ජගත් මානව හිමිකම් සැසි වාරය ජීනිවා නුවර දී ආරම්භවීමත් සමඟ මෙවැනි අසත්‍ය වීඩියෝ පට ප්‍රචාරය සිදු වන බවයි යුද හමුදාවේ ඉහළ නිළධාරියෙකු සදහන් කර සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad