අලූත් අවුරුද්දට ජංගම දුරකතන අත්හිටුවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 15, 2018

අලූත් අවුරුද්දට ජංගම දුරකතන අත්හිටුවයි



බාලි දුපතේ හින්දු අලූත් අවුරුද්ද එළඹෙන සෙනසුරාට යෙදී තිබෙනවා. ඒ අනුව අලුත් අවුරුදු සැමරුමට සමගාමීව එරට සියලු ජංගම දුරකථන ජාල එදින තාවකාලිකව අත්හිටුවිමටයි බලධාරීන් තිරණය කර ඇත්තේ. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජංගම දුරකථන සේවා ජාලයන්ද එකඟත්වය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බාලි වැසියන් රැසක් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී සිටින බව එරට බලධාරීන් පවසනවා. එම නිසා අලූත් අවුරුද්ද දිනයේදී බාලි වැසියන් ජංගම දුරකථන භාවිතයෙන් ඉවත් කර ඔවුන්ට සිය අවුරුද්ද නිදහසේ සැමරීමට අවස්ථාව ලබා දිම බලධාරින්ගේ අපේක්ෂාව වී තිබෙනවා.

සිය අලූත් අවුරුදු දිනයේදී බාලි හින්දු වැසියන් ආහාර ගැනීමෙන්, ගිනි මෙලවීමෙන්, ගමන් බිමන් යෑමෙන් සහ විනෝද වීමෙන් වැලකී සිටින්නේ සිය චාරිත‍්‍ර වාරිත‍්‍රවලට අනුවයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad