දෙහිවල නගරාධිපතිකම ඉල්ලා මාරිනා සිරිකොතේ වහලට නගින්න ලෑස්තියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 26, 2018

දෙහිවල නගරාධිපතිකම ඉල්ලා මාරිනා සිරිකොතේ වහලට නගින්න ලෑස්තියි

දෙහිවල නගරාධිපතිකම ඉල්ලා 
මරීනා සිරිකොතේ වහලට නගින්න ලෑස්තියි

තමාව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ධුරයට නම් නොකළහොත් 'සිරිකොත' එජාප මුලස්ථානයේ වහලට නැග උපවාසයක් ආරම්භකරන බව
1991 සිටම අඛණ්ඩව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන මාරිනා ආබ්දීන් මහත්මිය දන්වා තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී දෙහිවල ගල්කිස්ස මහ
නගර සභා බල

ප්‍රදේශය තුල එජාපය වෙනුවෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් හා වැඩිම ඡන්ද ප්‍රතිශතයක් (65%) ලබාගෙන ඇත්තේ ඇය වන අතර එජාප නගරාධිපතිනි අපේක්ෂකත්වය සුනේත්‍රා රණසිංහ මහත්මියට ලබාදීමට ඇති සූදානමට එරෙහිව ඇය මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
මේවනවිට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට පත්ව සිටින එජාප මන්ත්‍රීවරුන් 19 දෙනාගෙන් 06 දෙනෙකුම සුනේත්‍රා රණසිංහ මහත්මියට විරෝධය පළකර ඇති බව ඇය පවසයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට එජාප මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද සන්ධානයේ ( බුලත් කොලයේ) මන්ත්‍රීවරුන් 06 දෙනෙකුද ජවිපෙ මන්ත්‍රීවරුන් 04 දෙනෙකුද තේරීපත්ව ඇත.
මේ අතරවාරයේ පොහොට්ටුවට නගරාධිපති ධුරය ලබා ගැනීම සඳහා රහසිගත මෙහෙයුමක් ආරම්භකර තිබේ.
'පොහොට්ටුවේ' නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංග ඔහුගේ කොට්ඨාශයෙන් ද පරාජය වූ අතර පසුව පක්ෂයේ ලැයිස්තු මන්ත්‍රී ධුරවලට කාන්තාවන් පත් කිරීමට සිදුවීම නිසා ඔහුට මෙවර මන්ත්‍රී ධුරය පවා තැබුනේ නැත.
දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ බලය පිහිටුවීම අද 26 සිදු කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad