ලංකාවේ ෆේස්බුක් ගිණුම් වලට සිකුරාදා සිට අලුතින් එකතු වුන නීති මාලාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 20, 2018

ලංකාවේ ෆේස්බුක් ගිණුම් වලට සිකුරාදා සිට අලුතින් එකතු වුන නීති මාලාව මෙන්න..

ශ්‍රී ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලා තාවකාලිකව තහනම් කිරිම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම කරුණු දක්වා තිබෙනවා. එම සමාගම සහ ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වය අතර දීර්ඝ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවේ දී යම් එකඟතාවයකට පැමිණ ඇති බවයි එම සමාගම පවසන්නේ.

ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කිරිම හා ප්‍රසිද්ධ කිරිම වැළැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ බව වාර්තා වනවා. එම කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය අත්‍යව්‍යශ වන බවයි ෆේස්බුක් සමාගම පවසන්නේ. එම නිසා ඉදිරියේ දී ශ්‍රී ලංකා රජයේ මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහාය ඇතිව ජනතාව කුපිත කරන සහ වෛරය පතුරුවන තොරතුරු හුවමාරු කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවයි එම සමාගම පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විසින් විවෘත කරනු ලබන ෆේස්බුක් ගිණුම් සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන අතර ඔවුන් විසින් සිදුකරන සියළුම දත්ත හුවමාරුව මින් ඉදිරියට නිරික්ෂණයට ලක්කරන බවත් ශ්‍රී ලාංකීක ගිණුම් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියතක් අනුගමනය කිරිමටත් ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ජාතිවාදය මුල්කර ගෙන සිදුකරනු ලබන සියළුම ප්‍රචාර කටයුතු ඉවත් කිරිමට පියවර ගන්නා අතර එවැනි ගිණුම් සම්පූර්නයෙන් ෆේස්බුක් ජාලයෙන් ඉවත් කිරිමට කටයුතු කරන බවද ෆේස්බුක් සමාගම සඳහන් කර තිබෙනවා.

ෆේස්බුක් ගිණුමක් ආරම්භ කිරිමේ දී ලබාදෙන දුරකථන අංක හිමියා එම ගිණුමට අදාළ සියළු ප්‍රචාර සහ හුවමාරු සම්බන්ධයෙන් වගකීය යුතු වන බවත් එම සමාගම සඳහන් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ ඡායා රූපයක් ගිණුමට ලබාදී ඇත්නම් එම ඡායා රූපය හිමි ගිණුමෙන් යම් අකටයුත්තක් සිදුවන්නේ යැයි ෆේස්බුක් සමාගමට සැකයක් ඇති වුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ගිණුම වෙත පණිවුඩයක් මගින් දැනුම් දෙන අතර දින 3ක් ඇතුලත අදාළ ගිණුම් හිමියා ප්‍රතිචාර නොදක්වන්නේ නම් එම ගිණුම ප්‍රසිද්ධියට පත්කරනු ලැබෙනවා.

ඉන් අනතුරුව දින 7ක් ඇතුලත ගිණුම ෆේස්බුක් ජාලයෙක් ස්ථීරවම ඉවත් කිරිමට පියවර ගන්නා බවයි ෆේස්බුක් සමාගම පෙන්වා දුන්නා. ව්‍යාජ ගිණුමක් මගින් යම් පුද්ගලයෙකු අකටයුත්තක නිරත වේ නම් ඔහුගේ දුරකථන අංකය මගින් සහ IP අංකය මගින් අදාළ ගිණුම භාවිත කරන පුද්ගලයා හඳුනාගැනීමේ හැකියාව පවතින බවත් තමන්ට හිමි නොමැති වෙනත් ආයතනයක හෝ පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් භාවිත කරමින් යම් පුද්ගලයෙකු අනවශ්‍ය කටයුත්තක නිරත වන්නේ නම් අදාළ IP හිමියා එය භාවිත කළ පුද්ගලයා හඳුනා නොගන්නේ නම් එම IP හිමියාට නීතියෙන් කටයුතු කරන බවත් ෆේස්බුක් සමාගම අවධාරණය කර තිබෙනවා.

එම නිසා තමන්ගේ ජංගම දුරකථන අංක පරිහරණය කිරිමේ දී වඩාත් ප්‍රවේශම් වන ලෙසයි ෆේස්බුක් සමාගම සමස්ථ ෆේස්බුක් හිමියන්ගෙන් ඉල්ලා ඇත්තේ.

මෙසේ අලුතින් එක් වන නීති මාලාවන් පහතින්..

  • වෙනත් රටවලට ෆේස්බුක් ආයතනය රහසක් ලෙස තබා ගත් , ගිණුමක් ආරම්භ කරන විට ලබා දෙන දුරකථන අංකය ශ්‍රී ලංකාවේදී ඔවුන් රජයට ලබා දීමට බැදි සිටිනවා.
  • ඕනෑම ගිණුමක Ip ලිපිනය , විද්‍යුත් ලිපිනය (E mail) , දුරකථන අංකය රජයට ලබා දීමට ෆේස්බුක් ආයතනය බැදි සිටියි.
  • ශ්‍රී ලංකාවේ සෑම ගිණුමක්ම මූලීක පරීක්ෂාවක් තුලින් යන අතර , එහිදි ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කරනා සහ ෆේස්බුක් ආයතනයට සැක කටයුතු ගිණුම් රිපොර්ට් කිරීමකින් තොරවම අක්‍රිය කර දමනවා.
  • ශ්‍රී ලංකා රජය ඉල්ලීම් කරනා ඕනෑම ෆේස්බුක් පිටුවක් හෝ සමූහයක් (ගෘප්) සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට ෆේස්බුක් ආයතනය කටයුතු කරනවා..
  • ශ්‍රී ලංකාවේ ඕනෑම ෆේස්බුක් පිටුවක ඇඩ්මින්වරු පිළිබද තොරතුරු ශ්‍රී ලංකා රජයට ලබා දීමට ෆේස්බුක් ආයතනය බැඳි සිටිනවා..
  • ෆේස්බුක් බූස්ට් ( මුදල් ගෙවා පෝස්ට් ස්පොන්සර්ඩ් සේ පල කිරීම) පහසුකම සදහා ලබා දෙන ඕඩියන්ස් රීච් වෙනත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ අඩු වනු ඇත.

Viber සමාජ ජාලයට පිවිසීමට තාවකාලිකව පනවා තිබු සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. එම තහනම ඉවත්කිරීමට අදාළ නිර්දේශ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලිඛිතව දන්වා ඇති බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad