කිරිබත්ගොඩ බැංකු කොල්ලයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 20, 2018

කිරිබත්ගොඩ බැංකු කොල්ලයක්..

තනි පුද්ගලයෙකු විසින් අද(20දා) දහවල් 1.30ට පමණ පිහියක් පෙන්වා මිනිසුන් තැතිගන්වා කිරිබත්ගොඩ බැංකුවක්  කොල්ල කා ඇති බව පොලිසිය විසින් නිවේදනය කර ඇත.

කිරිබත්ගොඩ අලුත් පාරට හැරෙන හන්දිය අසළ පිහිටි පෞද්ගලික බැංකුවකට පිහියක් අතින් ගෙන ඇතුළු වූ පුද්ගලයෙකු එහි කවුන්ටරයක සිටි බැංකු සේවිකාවක බියවද්දා රුපියල් නවලක්ෂ පනස්දහසක(රු. 950000)ක මුදලක් කොල්ල කා යතුරු පැදියකින් පළා ගොස් ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිබත්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad