ගාල්ලම හෙල්ලූ රිච්මන්ඩ් ‍රැලිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

ගාල්ලම හෙල්ලූ රිච්මන්ඩ් ‍රැලිය මෙන්න

දකුණු ලක ගාල්ල නගරයේ ප්‍රධාන පෙළේ පාසල් ද්විත්වයක් වන රිච්මන්ඩ් හා මහින්ද දෙවිදුහල් අතර වන "ආදරවන්තයින්ගේ සටන" ලෙස විරුදාවලි ලද වාර්ෂික මහා ක්‍රිකට් තරගය 113 වැනි වරටත් සිකුරාදා (16) සහ සෙනසුරාදා (17) දෙදින පුරා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රජිත් ප්‍රියාන්ගේ නායකත්වයෙන් යුතුව 2008 වසරේදී මහින්ද පිල අවසන් වරට මහා ක්‍රිකට් තරගයක ජය ලබා ඇති අතර, 2015 වසරේදී රිච්මන්ඩ් පිල සිතාර ගිම්හාන්ගේ නායකත්වයෙන් යුතුව අවසන් වරට ජය ලැබීය.
2018 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ ධනංජය ලක්ෂාන්ට ගාල්ල රිච්මන්ඩ් පිල මෙහෙයවීමේ වගකීම පැවරී ඇති අතර, උප නායකත්වය අවිඳු තීක්ෂණ වෙත පැවරී ඇත. මෙවර මහා ක්‍රිකට් තරගයේදී මහින්ද පිලේ නායකත්වය රේෂාන් කාවින්ද වෙත පැවරී ඇති අතර, විනුර දුල්සර උප නායක ලෙස කටයුතු කරයි.
මෙවරද  ගාල්ල රිච්මන්ඩ් – මහින්ද වාර්ෂික ක්‍රිකට් තරඟය වෙනුවෙන් රිච්මන්ඩ් විද්‍යාලය සංවිධානය කළ The Dites’ Parade 2018 පසුගිය 14 වනදා ඇති සාර්ථක ලෙස පැවැත්වූ අතර එහි ඡායාරූප එකතුවක් බලන්න පහතින්. 

No comments:

Post a Comment

Post Bottom Ad