13 හැවිරිදි සිසුවිය අපයෝජනයට- මවත් - මිත්තණියත් හවුල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 16, 2018

13 හැවිරිදි සිසුවිය අපයෝජනයට- මවත් - මිත්තණියත් හවුල්



දහතුන් හැවිරිදී දැරියක ලිංගික අපයෝජනයට ලක්කළ හා ඊට අනුබල දුන් ඇයගේ මව සහ මිත්තණිය ඇතුළු 7ක් සැකපිට ජාතික ළමා ආරක්ෂක අධිකායේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය

සඳහන් කර සිටියේ, අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, දැරිය ලිංගික අපයෝජනයට ලක්කළ බවට සැක කෙරෙන පුද්ගලයන් අතර පවුලේ ඥාතීන් දෙදෙනෙකුද වන බවත්ය.

මෙම සිදුවීමට අදාළව විමර්ශන අවසන් කර මහාධිකරණයේ නඩු පැවරීම සඳහා නීතිපති වෙත යොමුකර
ඇති බව ප්‍රකාශ කරන ළමා ආරක්ෂක අධිකාරිය, මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අදාළ නඩුව නැවත මාර්තු 22 වැනිදා කැඳවීමට නියමිත බවද සඳහන් කරයි. ප්‍රථමයෙන් මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල තණමල්විල පොලිස් ස්ථානයට වාර්තා වී ඇති අතර, පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් කේසර සෙමරදිවාකර මහතා විසින් ලබාදෙන ලද නියෝගයක් මත වැඩිදුර විමර්ශන ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විසින් සිදු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad