සර්විස් එක 10 ට වැඩි ජාතික පාසල් ගුරුවරු 5,473 දෙනකුට මේ මාසයේ මාරුවීම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

සර්විස් එක 10 ට වැඩි ජාතික පාසල් ගුරුවරු 5,473 දෙනකුට මේ මාසයේ මාරුවීම්


           ජාතික පාසල් 35ක අවුරුදු දහයට වඩා වැඩි කාලයක් සේවය කර ඇති ගුරුවරුන් 5,473 දෙනකුට මාර්තු මාසය මැදදී ස්ථාන මාරු ලබාදෙන බව අධ්‍යාපන අමානන්‍යශය කියයි. 2017 ජුනි 30 වැනිදා වන විට
එකම පාසලක

වසර දහයකට වැඩිවන් සේවය කළ ගුරුවරුන්ට ගුරු මාරු මණ්ඩල පත්කොට විනිවිදභාවයෙන් යුතුව මාරුවීම් ලබාදීමට අධහපන ඇමැති අකිල විරාජ් කාරියවසම් ලබාදුන් උපදෙස් පරීදී මාරුවීම් ලබන 3 වැනි ගුරු කණ්ඩායම බව ද අමාත්‍යංශය පවසයි. එකම ජාතික පාසලක වසර දහයට වඩා සේවය කර ඇති ගුරුවරු 12,000ක් මාරු කිරීමට නියමිතව තිබිණි. මේ කණ්ඩායම් මාරු කළ විට එම සංඛ්‍යාව සම්පුර්ණ වේ. ජාතික පාසල් 353ක සේවය කරන ගුරුවරුන් 37,000ක් පමණ සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ පිරිස වසර දහයට වැඩි කාලයක් එකම තැන සේවය කර ඇති බවත් ඇතැමුන් අවුරුදු 20 ඉක්මවා සේවය කර ඇති බවත් අමාත්‍යංශය සිදුකළ අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන අනතුරුව මේ මාරුවීම් ක්‍රියාවට නංවා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad