ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමට න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව පූටීන්ගෙන් ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 2, 2018

ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කිරීමට න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව පූටීන්ගෙන් ප්‍රකාශයක්

ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටි ඉලක්කයකට විදිය හැකි න්‍යෂ්ඨික ආයුධ තමන් සතුව තිබෙන බව රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටීන් පවසනවා.
Image result for putin angry
ජනපතිවරණයට පෙරාතුව ජාතිය අමතා අදහස් දක්වමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, මිසයිල නාශක පද්ධතිවලට හසු නොවන ආකාරයේ නව න්‍යෂ්ඨික අවි රැගෙන යා හැකි මිසයිල දැන් රුසියාව සතු බවත් සඳහන් කළා.
සබ්මැරීනවල සිට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කළ හැකි ආකාරයේ ද්‍රෝන යානා අත්හදා බලමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී පවසා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

උතුරු කොරියාවේ මිසයිල පිළිබඳ ලෝකයේ දැඩි අවධානයක් යොමුවී ඇති මොහොතක රුසියානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

උතුරු කොරියාව ගෙන යන න්‍යෂ්ඨික වැඩපිළිවෙලට අමරිකාව දැඩි විරෝධයක් පළ කරන අතර ඊට රුසියාව ද සහයෝගය දක්වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad