ගෝඨාගෙන් CID වෙත අනතුරු ඇඟවීමක්... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

ගෝඨාගෙන් CID වෙත අනතුරු ඇඟවීමක්...


ඊයේ (18) දිවයින ඉරිදා පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් CID නිලධාරීන් හට පැහැදිලි අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඔහු කියා තිබෙන්නේ මෙසේ ය.
“මේ රටේ ජනතාව දන්නවනේ, ලසන්තව මැරුවෙ කවුද කියලා. එක්නැලිගොඩ අතුරුදහන් වුණේ කොහොමද කියලත් ජනතාව දන්නවා. ඒවා ගැන හොයාගන්න හරි මාර්ගය තියෙද්දි, අපට මඩ ගහන්න වැරදි මාර්ගයේම යනවා. සීඅයිඩී එක පවා යොදාගන්නවා. ඒ නිලධාරීන්ට මම කියනවා, ඒවා කරන්න එපා... ඒ සඳහා ඔබට වග කියන්න වේවි....”
මෙම තර්ජනය මෙතෙකින් නිම නොවේ. ගෝටා මෙසේ ද කියයි. “CID නිලධාරීන් දැනගන්න ඕනෙ තමන්ට මොකක් හරි බලය නැති වෙලා මොකක් හරි කරදරයක් වුණාම තමන්ට ඉන්නෙ තමන් විතරයි, ඔය කියන දේශපාලනඥයෙක්වත් නෑ කියලා...’
පැහැදිලිවම ගෝටා මේ කියමින් සිටින්නේ ඔහු කළ කී දෑ ගැන ය. ඔහු ‘කළ හැටි’ ගැන ය. රටේ වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් අප ඉතා හොඳින් දන්නා ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා ඔහු මතුකරන සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කිසිදු දේශපාලඥයෙකුට ගැති වෙමින් නොවේ. එය එසේ නොවන බව පවසන්නේ අප නොවේ. අප ද සිටින්නේ දේශපාලන බලපෑම් මේ විමර්ශන කටයුතුවලට එල්ල වේද යන්න පිළිබඳව ය. නමුත් මේ සිද්ධිවල චූදිතයන්, පැහැදිලිවම ඔහුගේ උපදෙස් අනුව කර ඇති බව හෙළිවෙමින් තිබේ. ඒ බව පවසන්නේ ද අප නොවේ. ඒවා අධිකරණය ඉදිරියේ දැනටමත් සනාථ වී ඇති සහ සනාථ වෙමින් පවතින කරුණු ය.
ගෝටාගේ ඕර්ඩ්ස්
පැහැදිලිවම ගෝටා බලයේ සිටියා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සිද්ධිවල අගමුල පවා සොයාගන්නට ලැබෙන්නේ නැත. උදාහරණයක් ලෙස ලසන්ත ඝාතන සිද්ධිය සලකා බලමු. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. එවකට ගල්කිස්ස ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගැනුණේ ඒ අනුව ය. ඔහු හිතාමතාම සිද්ධියේ සාක්ෂි වසං කර තිබුණු බව කියයි. එවකට ගෝඨාභය සමග සමීපව කටයුතු කළ ඔහු, එසේ කරන්නේ ඇයිද යන්න නුදුරේදීම හෙළිවනු ඇත.
එපමණක් ද නොවේ. ගෝටාගේ කාලයේ ඔහුගේ අතවැසියෙකු සේ සැලකුණු, ගෝටාගේ ‘ඕඩර්ස්’වලට අනුව ක්‍රියා කළ සහ දැන් ඇප පිට සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසීම් තාජුඩීන් ඝාතනය වෙනුවෙන් වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවූයේ ද ගෝටා කළ කී දෑවලම ආනුභාවය නිසා ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිකර ගත්තේ අනුර සේනානායක පැහැදිලිවම තාජුඩීන් ඝාතනය වසං කිරීමට කටයුතු කළ බව ය. ඒ බව ඔවුන් විසින් අධිකරණයට සැළ කර සිටි කරුණුවලින් මනාව සනාථ වේ.
ගෝටා වැලිකඩ ඝාතනවලට අණ දුන් හැටි ද ඉදිරියේදී අධිකරණය ඉදිරියේ විස්තර විභාග සහිතව හොඳින් දිග හැරීමට නියමිත ය.
ගෝටා හීනෙන් නැගිටලාද?
එසේ නම් ඇමරිකාවේ සිට පැමිණි ගෝටා හීනෙන් නැගිට්ටාක් මෙන් දැන් මේ උරණ වී කියවන්නේ තමන්ගේ හිතවන්තයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ‘කරදර’ බව නොවේද? ගෝටලාට අයුතු ලෙස බලය පාවිච්චි කරමින්, විරුද්ධවාදීන් හොඳින් බැරිනම් නරකින් මඬිමින් ඕනෑම අපරාධයක් කරන්නට හොඳ ය. ඔවුන් වටහාගත යුතුව තිබෙන්නේ රාජාණ්ඩු හෝ හමුදා පාලනයකට යාමට රටේ නැවත කිසිදා කැමැත්තක් නොමැති බවයි. බුද්ධි අංශයේ නිරන්තර සෝදිසිය, තර්ජන, සුදු වෑන්, මහදවාලේ පැහැරගෙන යාම්, අතුරුදන්කිරීම් ගෝටලාට ඉතා සුළු දේව්ල් ය. ඔවුන්ට අනුව ඒවා රෙජීමය පවත්වාගෙන යාම සඳහා කළ යුතුම දේවල් සේ පෙනෙන්නට ඇත. නමුත් ගෝටා දැන් කරන්නේ පරණ පව් මතක් කරමින් ජනතාව වෙත නැවත වරක් භීෂණයක ඉඟි ලබාදීමයි. ඔහු ව 2020 ජනාධිපති බලාපොරොත්තුව වශයෙන් උත්කර්ෂයට නංවන්නට සැදී පැහැදී සිටින අන්තවාදී බලවේග සිතට ගත යුතුව තිබෙන්නේ සිදුවූ දේවල්, සිදු නොවුණා සේ රඟපාන්නට, අවම වශයෙන් යුධ හමුදාවේ ඉහළ නිලයක් දැරූ නිලධාරියෙක් වශයෙන් ඔහුට යුතුකමක් නැති බවයි. ‘වෙඩි තියාපිය’ යැයි කියූ විට තමන්ගේ වැදූ මව්ට වුණත් වෙඩි තබන්නට සොල්දාදුවන්ට සිද්ධ කරන ප්ලැටූන් නායකයෙක් සහ ගෝටාගේ භයානක ආඥාදායකත්වය අතර වෙනසක් අපට නම් නොපෙනේ.
ගෝටා කතා කරන්නේ ඇඳුම් ඇඳගෙන ද?
“ෆාදර් එම්මානුවෙල් මේ රටට ආවහම විදේශ ලේකම්තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැජ්ජ නැද්ද...?” යැයි ගෝටා ජනප්‍රියවාදී නරුම තර්කයක් ද ඉරිදා දිවයින ලිපියෙන් ඉදිරිපත් කරයි. මේවා දකින විට, හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ කතා කරන්නේ ඇඳුමක් ඇඳගෙන ද යන ප්‍රශ්නය අපට නැගේ.
එදා අරන්තලාවේ භික්ෂූන් කපා කොටා, පොලිසියේ 600 ක් දෙනා මරා වළලන තැනට පැහැදිලිවම වැඩ සිද්ධ කළ කරුණා අම්මාන් ව කිසිම හිරිකිතයක් නැතිව බදා ගත් ගෝටාට ඔය කියන විලි ලැජ්ජාව දැනුණේ නැතිද? දළදා මාලිගාවට බෝම්බ ගැසූ පිල්ලෙයාන් ව බදා ගන්නා විට ගෝටාගේ ඔය කියන විලි ලැජ්ජාව තිබුණේ කොහේද?
එයට සාපේක්ෂව එම්මානුවෙල් පියතුමා යනු කරුණා අම්මාන් හෝ පිල්ලෙයාන් මෙන් ජඩකම් කළ අයෙක් නොවේ. ගෝලීය දමිල සංසදයේ සභාපතිවරයා වන ඔහු දමිල ජනතාවට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වේදිකාවල සිය හඬ අවදි කරන චරිතයකි. එක අතකින් බලන විට ගෝටලාට එම්මානුවෙල් ලා වහකදුරු වීමේ කිසිම ගැටළුවක් නැත. එයට හේතුව ගෝටලාට ප්‍රජාතන්ත්‍රවාදය වහකදුරු වීමයි. අවසන් සටනේ අවසන් දින කිහිපයේ රටෙත් නොසිටි ඔහු, රාජපක්ෂ සහෝදරයාගේ ඇජෙන්ඩාව අනුව යුධ ජයග්‍රහණයේ සම්පූර්ණ ක්‍රෙඩිට් එක තම සාක්කුවට ඔබා ගත්තේ සහෝදර සමාගම දිනවීම පිණිස ය. “ජාත්‍යන්තරය අපිත් එක්ක වැඩ කළේ එහෙමයි” යැයි අද පාරම් බාන ගෝටා ගැන ජාත්‍යන්තර පුවත්සේවාවක් වන එංගලන්තයේ ටයිම්ස් පුවත්පත වරක් කියා තිබුණේ ගෝටා ත්‍රිවිධ හමුදාව තුළ ‘ඝාතන භට කල්ලි” පවත්වාගෙන ගිය බව ය. 
ආයුධ අතින් ගත් සොල්දාදුවාට සිය දේශපාලන උවමනා එපා කම් මත ඝාතන සිදුකරන්නට අණ දෙමින් සැබෑ රණවිරුවාගේ අර්ථය කුලියට මිනී මරන හේවායෙක් දක්වා කුජීත කළේ ගෝටා මිස අන් කෙනෙක් නොවේ.
හිට්ලර්ගේ තියරිය
ලෝකයේ බිහිවූ දරුණුතම ඒකාධිපතියෙක් වූ හිට්ලර් වරක් මෙසේ කීවේය. '' Make the lie big, make it simple, keep saying it, and eventually they will believe it."
“බොරුවක් විශාල වශයෙන් කියන්න. එය හැකි තරම් සරල ලෙස කියන්න. නිතර නිතර එයම කියන්න. අන්න එවිට ජනතාව එය විශ්වාස කරාවි..”
මෙය යුධ ජයග්‍රහණය පිට දමා රට දූෂණයෙන් සහ අපරාධවලින් අපායක් කළ රාජපක්ෂ රෙජීමයේ ආදර්ශ පාඨය වූයේය. ඔවුන් නිතර කියන සරල බොරුව නම් තමන් මේ රටට ආදරය බව ය. තමන් තරම් කිසිවෙක් මේ රටට ආදරය නැති බවය. මේ බොරුවම මැරෙන තෙක් කියනවා හැරෙන්නට ඔවුන්ට දැන් වෙනත් විකල්පයක් ද නැත.
ජනතාව කැමති රටට ආදරය කරන නායකයන්ට ය. එහි වරදක් නැත. නමුත් එසේ එකම බොරුව නැවත නැවතතත් මැතිරීම හරහා මේ රටේ බහුතරයක් වන නූගත් ජන විඥානය ඒ බොරුව වැළඳගෙන ඇති බවත් ඒ බොරුවට ඔවුන් පෙම් කරන බවත් අපි දනිමු. නමුත් ගෝටා උත්කර්ෂයට නංවන්නට කැස කවන අතීතය අමතක ජනතාව සහ මාධ්‍ය, ගෝටලා විසින් දළදා මාලිගාවට බෝම්බ ගැසූ පිල්ලෙයාන් බදාගත් ආකාරය අරන්තලාවේ භික්ෂූන් කපා කොටා දැමූ කරුණා අම්මාන් ව බදා ගනිමින් ඔහු රාජපක්ෂ රෙජීමයේ ප්‍රබලම ඇමතිවරයෙක් බවට පත් කළ ආකාරයයි.
ජනතාවට ඉක්මනින් අතීතය අමතක වන හෙයින් එය මතක් කර දෙන ඡායාරූප කිහිපයක් මෙසේ පළ කරමු.

No comments:

Post a Comment

Post Bottom Ad