බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් සුව කරන වැල්මී සහ අළු කෙසෙල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 23, 2018

බඩේ දැවිල්ල සහ ගැස්ට්‍රයිටීස් සුව කරන වැල්මී සහ අළු කෙසෙල්

feature-top

අද කාලේ කවුරුත් ගෙවන කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ දෙනෙකුට හැදෙන රෝගයක් තමයි ගැස්ට්‍රයිටීස්. අපේ උදරයේ සහ සමහර විට පපුව, උගුර ආදී ප්‍රදේශවල දැවිල්ලකුත් එක්ක ඇති වෙන මේ රෝගයට හේතුව තමයි අපේ ආමාශයේ ආම්ලිකතාව ඉහළ යන එක. මේ ආම්ලිකතාව ස්වාභාවිකවම ඇති වෙලා තියෙන්නේ අපි ගන්නා ආහාර ජීර්ණය කිරීම සඳහායි. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණයත් එක්ක ආම්ලිකතාව අඩු වී ගිහින් නැවත ආහාර ගැනීමේදී එය ජීර්ණය කිරීම වෙනුවෙන් අලුතෙන් අම්ල ශ්‍රාවය වීම චක්‍රයක් වගේ සිදු වෙනවා. මේ ක්‍රියාවලියේ සංකූලතා මතු වෙලා අදාළ ආම්ලිකතාව නිසා ආමාශයට හානි සිදු වීම තමයි ගැස්ට්‍රයිටීස් උත්සන්න වෙන්න හේතු වෙන්නේ.


ගැස්ට්‍රයිටීස් නිසා ආමාශ බිත්තියේ තුවාල හට ගන්නවා. 

කාලයකට සැරයක් විවිධ හේතු නිසා ආමාශයේ ආම්ලිකතාව ඉහළ යාම නිසා සාමාන්‍යයෙන් කියන විදිහට බඩ පුරවා දැමීම කියන තත්වය ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් කල් පවතින, නිතර ඇති වන ආම්ලිකතාව තමයි ගැස්ට්‍රයිටීස් විදිහට හඳුන්වන්නේ. තරමක් දුරට ජානමය සාධක නිසාත් කෙනෙකුට ගැස්ට්‍රයිටීස් ඇති වෙන්න ඉඩකඩක් තිබුණත් බොහෝ විට එයට හේතු වෙන්නේ අපේ ආහාර රටාවේ තියෙන අඩුපාඩු තමයි. ප්‍රධාන වශයෙන්ම නිසි වෙලාවට ආහාර නොගැනීම, කෙටි ආහාරවලින් ප්‍රධාන ආහාර වේල්වල අවශ්‍යතාව පුරවා ගැනීම සහ විශේෂයෙන්ම උදේ ආහාර වේල නොගැනීම ගැස්ට්‍රයිටීස්වලට ප්‍රධාන හේතුවක් වෙනවා.

ඉතින් අද මේ ලිපියෙන් කතා කෙරෙන්නේ ඒ විදිහට හැදෙන ගැස්ට්‍රයිටීස් තත්ත්වය සුව කර ගන්න අපිට බොහොම පහසුවෙන් සොයා ගන්න පුළුවන් ශාක දෙකක් ගැනයි. ඒ තමයි වැල්මී සහ අළු කෙසෙල්.

මොනවද මේ වැල්මී?

වැල්මී කියන නම අපි බොහෝ දෙනෙක් අහලා තියෙනවා වුණාට ඒ ගැන වැඩි දැනුමක් ඔබට නොතිබෙන්න පුළුවන්. වැල්මී කියන්නේ ගසක්ද වැලක්ද කියන එක තවමත් විවාදයට ලක් වෙන කරුණක්. සාමාන්‍යයෙන් පඳුරු ශාකයක් විදිහට හැඳින්වෙන වැල්මීවල විද්‍යාත්මක නාමය වෙන්නේ Glucyrrhiza glabra Linn. අඩි 4-5 ක් උසට වැවෙන වැල්මී ශාකය මැදපෙරදිග සහ ග්‍රීසිය ඇතුළු දකුණු යුරෝපීය රටවලට ආවේණිකයි. පසුකාලීනව ඉන්දියාවේ සහ පකිස්තානයේත් වැල්මී වගා කෙරුණත් සාමාන්‍යයෙන් තවමත් උසස්ම වැල්මී විදිහට සැලකෙන්නේ යුරෝපයේ හෝ මැදපෙරදිග සිට ආනයනය කෙරෙන වැල්මී වර්ගයි. ශ්‍රී ලංකාවේ වැල්මී වැවෙන්නේම නැති තරම්.

ආයුර්වේද වෙළඳසැලකින් වැල්මී ගන්න ගියොත් ලැබෙන්නේ අපේ කුඩා ඇඟිල්ල තරමේ දිගැටි මුල් වගේ ජාතියක්. පාටින් දුඹුරු පැහැයට හුරු වැල්මී විකිණීමේදී බොහෝ දුරට පිටත පොත්ත ඉවත් කරනවා. මේ මුලක් හපලා බැලුවොත් දැනෙන්නේ මිහිරි පැණි රසක්. මේ නිසා විවිධ ක්‍රමවලට සකසපු වැල්මී යුරෝපයේ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල රසකැවිල්ලක් විදිහටත් පාවිච්චි වෙනවා. මිහිරි රසය වගේම කටේ දුර්ගන්ධය ඉවත් කරන්නත් වැල්මී හේතු වෙනවා.

කොහොම නමුත් වැල්මීවල වැදගත්ම ගුණය වෙන්නේ උදරය ආශ්‍රිත බොහෝ ආබාධ සුව කරන්න තියෙන හැකියාවයි. ගැස්ට්‍රයිටීස්, ආමාශයේ තුවාල, විෂබීජ ආසාදන, මළ බද්ධය වගේ ගැටළුවලට වැල්මී ඉතාම ගුණදායකයි. එළකිරි සමග වැල්මී මිශ්‍ර කරලා දිනපතා උදේට බීමට ගැනීමෙන් පහසුවෙන්ම ගැස්ට්‍රයිටීස් සමනය කරගන්න හැකියාව තියෙනවා. උදරයේ ආම්ලිකතාව සමනය කරන ආයුර්වේද වට්ටෝරු අති විශාල ප්‍රමාණයක වැල්මී අන්තර්ගත වෙන්නේ එහි පවතින අපූරු ගුණය නිසාමයි.

කවුරුත් දන්නා අළු කෙසෙල්.
අළු කෙසෙල් ගැන නම් නොදන්නා කෙනෙක් ඉන්න අමාරුයි. සිරුරට සිසිල ගෙනෙන, ගුණදායක එළවලුවක් විදිහට අළු කෙසෙල් හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිලෙන් අඩුම එළවළුවක් වගේම ආහාරමය තන්තු ප්‍රතිශතය ඉහළම ආහාරයක් විදිහටත් අළු කෙසෙල් සැලකෙනවා. සාමාන්‍යයෙන් පළතුරක් විදිහට ආහාරයට ගන්නා වෙනත් කෙසෙල් වර්ගවලට සමානව වැවෙන අළු කෙසෙල් ඉදෙන්නට පෙර තමයි එළවළුවක් විදිහට භාවිතයට ගැනෙන්නේ.

අළු කෙසෙල් කියන්නෙත් වැල්මී වගේම ආමාශයේ ගැටළු බොහොමයකට ඉතාම ගුණදායක ආහාරයක්. තාවකාලිකව ආම්ලිකතාව ඉහළ යාම නිසා ඇති වන බඩේ දැවිල්ල සමනය කරගන්න අළු කෙසෙල් මාළුව සහිතව ආහාර ගැනීම ඉතාම සුදුසුයි. ඒ වගේම අළු කෙසෙල් නිතර ආහාර වේලට එකතු කර ගැනීම දිගු කාලීනව ගැස්ට්‍රයිටීස් ඇති වීමෙන් වැළකී ඉන්නත් හොඳ උපකාරයක් වෙනවා. මීට අමතරව ඉතාම පහසුවෙන් ජීර්ණයට ලක් වන, අජීර්ණ වළක්වන ආහාරයක් විදිහටත් අළු කෙසෙල් ඉතාම ප්‍රසිද්ධයි. විශේෂයෙන්ම අර්ශස් රෝගයෙන් පීඩා විඳින අයටත් අළු කෙසෙල් ආහාරයට ගැනීමෙන් වේදනාව සහ රුධිර වහනය අවම කරගන්න හැකියාව තියෙනවා.

බොහෝ විට අළු කෙසෙල් පොත්ත ඉවත් කර ව්‍යංජන විදිහට සකස් කර ගැනුණත් අළු කෙසෙල් ඇසුරෙන් පිළියෙළ කරගන්න පුළුවන් වෙනත් රසවත් ආහාර වට්ටෝරු බොහොමයි.

වැල්මී සහ අළු කෙසෙල්වල සාරය කැටි කර ගත් බරකා ගැස්ට්‍රිකෙයා

ස්වාභාවික, ගුණදායක දේවල් බොහොමයක් තිබුණත් අද වැඩි දෙනා පහසුව වෙනුවෙන් හුරු වෙලා තියෙන්නේ ඉක්මන් විසඳුමක් දෙන දේවල්වලට. විශේෂයෙන්ම ගැස්ට්‍රයිටීස් තියෙන, නිතර බඩේ දැවිල්ල ඇති වන බොහෝ දෙනෙක් උදරයේ ආම්ලිකතාව ඉක්මණින් අවම කරන පෙති වර්ග තමන් ගාවම තියාගෙන ඉන්න එක පුරුද්දක් කරගෙන ඉන්නවා. කොහොම නමුත් විවිධ රසායනික භාෂ්මික සංයෝග අඩංගු මේ පෙතිවලින් ඒ වෙලාවට ඇති වෙන සහනයට එහා ගිය දෙයක් සිදු වෙන්නේ නැහැ.

ගැස්ට්‍රයිටීස් සහ බඩේ දැවිල්ල සුව කරගන්න ඉක්මන්, පහසු විසඳුමක් වගේම දීර්ඝකාලීනව රෝගය සුව කරගන්නත් උදව් වෙන නිෂ්පාදනයක් විදිහට බරකා නිවසින් ගෙන එන ගැස්ට්‍රිකෙයා සුවිශේෂී වන්නේ මේ නිසායි. අපි කලින් කතා කරපු වැල්මී සහ අළු කෙසෙල්වල සාරය අපේ සිරුරට ඉතාම ඉක්මනින් උරා ගන්න පුළුවන් විදිහට කළු දුරු කුඩුත් එක්ක මුසු කිරීමෙනුයි ගැස්ට්‍රිකෙයා සකස් කෙරෙන්නේ. ආයුර්වේද නිෂ්පාදනවලින් ලෝකය පුරාම ඉහළ පිළිගැනීමක් හිමි කරගෙන තියෙන බයෝ එක්ස්ට්‍රෑක්ට්ස් ආයතනයේ බරකා නිෂ්පාදන පෙළ විවිධ කෂාය, ගුලි වර්ග තැම්බීම වගේ අපහසුතා නිසා අපෙන් ඈත් වෙන ආයුර්වේද වට්ටෝරුවල පවතින ස්වභාවික ගුණය ගෙන එන්නට විශාල දායකත්වයක් ලබා දෙනවා.

අවශ්‍ය වෙලාවට පහසුවෙන්ම බොන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන ගැස්ට්‍රිකෙයා කරල් දෙකක් ගැනීමෙන් බඩේ දැවිල්ලට ඉක්මන් විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම දිනපතා උදේට සවසට ගැස්ට්‍රිකෙයා කරලක් ගැනීමෙන් බඩේ ආම්ලිකතාව ඉහළ යන්නත්, ගැස්ට්‍රයිටීස් ඇති වෙන්නත් තියෙන ඉඩකඩත් අවම වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය වගේම SLS, ISO 22000 ඇතුළු තත්ත්ව සහතික ගණනාවකින්ම පිදුම් ලබා තිබෙන බරකා නිෂ්පාදන පෙළේ ජනප්‍රියම නිෂ්පාදනයක් වන ගැස්ට්‍රිකෙයා ඔබටත්, ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පෙළෙන ඔබේ මිතුරන්ට, වැඩිහිටියන්ටත් ඉතා හොඳ විසඳුමක් වේවි. දිවයින පුරාම ඕනෑම ආයුර්වේද වෙළඳසැලකින් ගැස්ට්‍රිකෙයා මිලදී ගන්න හැකියාව තියෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad