රවීට ඇමතිකම් නෑ.... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 24, 2018

රවීට ඇමතිකම් නෑ....


හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට අමාත්‍යධූරයක් ලැබෙන බවට පුවත් පලවී තිබුණද ඔහුට අමාත්‍යධූරයක් හිමි නොවන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

රවීට අමාත්‍යධූරයක් ලබාදීමට සුදුසු බව එජාප ප්‍රබලයින් ඇතුළු එජාප පසු පෙළ මන්ත්‍රීවරුද යෝජනා කර තිබුණද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයා වෙත යැවූ අමාත්‍යධූර ලබාදිය යුතු ලයිස්තුවේ කරුණානායක මහතාගේ නම ඇතුළත්ව තිබී නොමැත.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණානායක මහතාගේද නම ඈදීම හේතුවෙන් ඔහු මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර, පසුව මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාවෙන් ඔහුට සෘජු චෝදනා එල්ලවී නොතිබිණි.

මේවන විට කරුණානායක මහතාට චෝදනා එල්ලවී හෝ වරදකරුවකු නොවන බැවින් ඔහුට අමාත්‍ය ධූරයක් ලබා නොදීම අසාධාරණ බව එජාප පසු පෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අගමැතිවරයාට පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad