වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 19, 2018

වත්මන් දේශපාලන තත්ත්වය ගැන අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයක්


රට තුළ ඇතිවී තිබෙන වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අද පස්වරු 4 සිට 7 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

ඒ රට තුළ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් පසුවයි. 

ඒ සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිතව යෝජනාවක්ද අද(19) දිනයේ කථානායකවරයා වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විවාදය අද දිනයේ පැවැත්විය යුතු බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad