ස්‌මාර්ට්‌ දුරකථන භාවිතය බෙල්ලට දැනෙන අයුරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

ස්‌මාර්ට්‌ දුරකථන භාවිතය බෙල්ලට දැනෙන අයුරු

feature-top
වර්තමානයේ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනා එය භාවිත කරන්නේ හිස අඟල් කිහිපයක්‌ ඉදිරියට හෝ පැත්තකට නමාගෙනය.
 
 එසේ දිගු වේලාවල් බෙල්ල නවාගෙන දුරකථනය භාවිත කරන විට බෙල්ලට අසීමිත බරක්‌ අඛණ්‌ඩව ඇතිවීම නිසා බෙල්ලේ කොඳුඇට පේළිය අතර ඇති ස්‌නායුවලට බලපෑම් ඇති වේ.
 
 ස්‌මාර්ට්‌ ජංගම දුරකථන
 
 දිනපතා දිගු වේලාවක්‌ භාවිත කිරීම නිසා ඇතිවන කායික ගැටලු පිළිබඳව මෙතැන් පටන් අපි විමසා බලමු. එහිදී පළමුව බෙල්ලේ ඇතිවන ගැටලු පිළිබඳව අවධානය යොමු කරමු.
 
 බෙල්ලේ ඇතිවන ආබාධ
 
 අපගේ ශරීරයේ බර දරා සිටින්නේ සිරස්‌ ආකාරයටය. එනම් ඉහළ සිට පහළටය.
 
 බෙල්ල සෘජුව තබා ගැනීම හෙවත් කන සහ උරහිස සෘජු කෝණයකට සමාන එක මට්‌ටමක ඇතිවන විට හිසෙහි බර බෙල්ලට දැනෙන්නේ රාත්තල් 10 - 12 අතර ප්‍රමාණයකිනි.
 
 බෙල්ල ඉදිරිපසට හෝ දෙපසට නැවෙන විට හිසෙහි බර බෙල්ලට දැනෙන ප්‍රමාණය වැඩි වේ.
 
 එනම් හිස නැවෙන සෑම අඟලකදීම හිසෙහි බර දෙගුණයක්‌ වී බෙල්ලට දැනේ.
 
 ඒ අනුව අප අංශක 60 ක්‌ හිස නමන විට රාත්තල් 60 ක බරක්‌ බෙල්ලට දැනේ.
 
 වර්තමානයේ ස්‌මාර්ට්‌ ජංගම දුරකථන භාවිත කරන බොහෝ දෙනා එය භාවිත කරන්නේ හිස අඟල් කිහිපයක්‌ ඉදිරියට හෝ පැත්තකට නමාගෙනය.
 
 එසේ දිගු වේලාවල් බෙල්ල නවාගෙන දුරකථනය භාවිත කරන විට බෙල්ලට අසීමිත බරක්‌ අඛණ්‌ඩව ඇතිවීම නිසා බෙල්ලේ කොඳුඇට පේළිය අතර ඇති ස්‌නායුවලට බලපෑම් ඇති වේ.
 
 මෙලෙස බෙල්ල නමාගෙන ජංගම දුරකථනය භාවිත කරන විට බෙල්ලට දැනෙන හිසෙහි බර ප්‍රමාණය රාත්තල් 60 ක්‌ පමණ බව සමීක්‍ෂණ මගින් අනාවරණය කර ගෙන තිබේ.
 
 මෙවැනි බරක්‌ එක දිගට පැවතීම නිසා බෙල්ල දිගේ ගමන් කරන කොඳු ඇට පෙළ ස්‌නායු තෙරපීමෙන් බෙල්ලේ කැක්‌කුම ඇති වේ.
 
 වර්තමානයේ වයස අවුරුදු 15 ත් 40 ත් අතර වියේ පසුවන බහුතරයකට මතුව ඇති බෙල්ලේ කැක්‌කුමට හේතු වී ඇත්තේ මෙලෙස බෙල්ල නමාගෙන ජංගම දුරකථනය භාවිත කිරීමය.
 
 මීට අමතරව ඇතැම් දෙනා ඇඳේ දිගා වී බෙල්ල නමාගෙන දුරකථනය භාවිත කරති. එවැනි ඉරියව්වලදී ද කොඳුඇට පෙළ තෙරපුමට ලක්‌වීම නිසා කොඳුඇට පෙළ ස්‌නායුවල වේදනාවක්‌ හට ගනී.
 
 නිවැරැදි ඉරියව් අනුව දුරකථනය භාවිත කිරීම.
 
 ජංගම දුරකථනය භාවිත කරන විට හිස කෙළින් තබාගෙන ඇමතුම්වල නිරත වන්න.
 
 කෙටි පණිවුඩ යෑවීම, අන්තර් ජාලයේ සැරිසැරීම සිදුÊකරන විටදී හිස කෙළින් තබාගෙන ඇස්‌ මට්‌ටමක දුරින් දුරකථනය තබා ගෙන එය භාවිත කරන්න.
 
 දිගු වේලාවක්‌ දුරකථන ඇමතුම්වල යෙදෙන්නේ නම් ඊකමැ ඔදදඑය හෝ Haබා Fරුe වැනි උපකරණ භාවිත කරන්න.
 
 දිගු වේලාවක්‌ ජංගම දුරකථනය භාවිත කරන විට විනාඩි 15 කට වරක්‌ බෙල්ලේ ඉරියව් වෙනස්‌ කරන්න.
 
 දුරකථනය කෙළින්ම කන මත තබාගෙන දුරකථන ඇමතුම් ගන්නේ නම්, දිගු වේලාවක්‌ ඇමතුම්වල යෙදෙන්නේ නම් ජංගම දුරකථනය කන් දෙකට මාරු කරමින් ඇමතුමේ යෙදෙන්න.
 
 ස්‌මාර්ට්‌ ජංගම දුරකථන දිනපතා භාවිත කිරීම නිසා ඇතිවන කායික අපහසුතා මඟහරවා ගැනීම සඳහා දිනපතා යෝග ව්‍යායාම, ඇවිදීම, මාංශ පේෂි ඉහිල් කරන ව්‍යායාමවල යෙදීම මගින් ශරීරයේ මාංශපේෂි ස්‌නායු නිරෝගී ක්‍රියාකාරීත්වයෙන් සහ නම්‍යසුළු බවින් (Fකැංසඉaකැ) යුතුව පවත්වා ගැනීමට හැකිය. 
 
 දුරකථන ඇමතුමේ යෙදෙන ඉරියව් වෙනස්‌ කරන අතරම පැයකට වරක්‌ කොන්ද පසුපසට තුන්වරක්‌ ඇදීම සිදු කරන්න.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad