තරබාරුව මට්‌ටු කරන්න කළු ගම්මිරිස්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 20, 2018

තරබාරුව මට්‌ටු කරන්න කළු ගම්මිරිස්‌

feature-top


ආහාරවලට යොදන කළු ගම්මිරිස්‌ ශරීරයේ තරබාරු බව අඩු කරලන බව නවතම වෛද්‍ය පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
 
ඉන්දියාවේ ශ්‍රී වෙන්කටේෂ්වර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කරන ලද පර්යේෂණයකදී හෙළිවී ඇත්තේ කළු ගම්මිරිස්‌වල අඩංගු "පිපරොනාල්" නමැති සංයෝගය අධික තෙල් සහිත ආහාර වේලක්‌ ගත් විටදී ඇති වන හානිකර බලපෑම් ක්‍රමයෙන් අඩු කරලන බවයි.
 
මීයන් යොදා ගෙන සිදු කර ඇති මෙම පරීක්‌ෂණයේදී කළු ගම්මිරිස්‌වල අඩංගු පිපරොනාල් සංයෝගය ආහාරය වශයෙන් ගත් මීයන්ගේ ශරීරයේ මේද ප්‍රතිශතය සති හයක කාලයකදී අඩුවී බර අඩුවී තිබේ. මෙසේ එම සංයෝගය සති හයක කාලයක්‌ ආහාරයට ගත් මීයන්ගෙන් ශරීරයෙහි මේද ප්‍රතිශතය අඩුවී රුධිරගත සීනි මට්‌ටමද අඩුවී තිබූ බව පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
 
මෙම පර්යේෂණය මෙහෙය වූ පර්යේෂකයින්ට අනුව කළු ගම්මිරිස්‌ ලොව පුරා රටවලට තර්ජනයක්‌ව පවතින තරබාරු බව මැඬලීම සඳහා යොදා ගත හැකි ඵලදායි කුළු බඩු විශේෂයකි.


(under the courtesy of hirutv.lk blog web)

No comments:

Post a Comment

Post Bottom Ad